
ප්‍රධාන භූමි කම්පාවලින් පසු තුර්කිය සහ සිරියාව අතුරු භූ කම්පන 120 කින් කැලැඹී ගොස් ඇතැයි භූ විද්‍යාඥයෝ පෙන්වා දෙති. අවසන් වරට රික්ටර් පරිමාණයේ ඒකක 5.5 ක ප්‍රබලත්වයක් සටහන් කළ අතුරු භූ කම්පනයකින් කැලැඹුණු බව ද පැවැසෙයි.
තුර්කිය සහ සිරියාව අසල්වැසි රාජ්‍යයන් වන අතර, ඒවා පිහිටා ඇත්තේ භූ තැටි මායිම් දෙකකට මැදිව, ඉහළිනි. මෙම භූ තැටි එකිනෙක ගැටෙද්දී භූමි කම්පා නිර්මාණය වෙයි.
සාමාන්‍යයෙන් ප්‍රධාන භූමි කම්පාවලින් පසු හටගන්නා අතුරු භූ කම්පන හෙවත් පසු කම්පනවල ප්‍රබලත්වය අඩුය. කෙසේ නමුත් තුර්කියටත් සිරියාවටත් බලපෑ අතුරු භූමි කම්පාවලින් ද දැඩි හානි සිදුවිය.
(රොයිටර්)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd