තුර්කියේ සිට පැමිණෙන සංචාරකයන් බාරගැනීම සම්බන්ධයෙන් ග්‍රීක දූපත් වැසියෝ එරට රජයට එරෙහිව වැඩ වර්ජන සහ විරෝධතා පවතිවන බව වාර්තා වේ.

ලෙස්බොස්, සමොස් සහ චියොස් යන දූපත්වාසීන් මෙලෙස විරෝධතා පවත් වන අතර සංක්‍රමණිකයන්ගේ සංඛ්‍යාව දිනෙන් දින ඉහල යමින් පවතින බවත් ජනාකීර්ණ කඳවුරු වල තත්ත්වය කණගාටුදායක බවත් ඔවුහු පවසති.

ලෙස්බොස් දූපතේ විශාලතම කඳවුර මන මොරියාහි සරණාගතයින් 19000කට වැඩි පිරිසක් වාසය කරන අතර එහි පහසුකම් ඇත්තේ 2840ක පිරිසකට පමණක් බව පැවසේ.

"අපට අපේ දූපත් නැවත අවශ්‍යයි," "උතුරු ඒජියන් වැසියන් සඳහා තවත් බන්ධනාගාර අවශ්‍ය නොවේ" යනුවෙන් සඳහන් බැනර් බොහෝ ස්ථාන වල එල්ලා ඇත.

විරෝධතාකරුවන් 3000ක් පමණ ලෙස්බොස්හි අගනුවර වන මයිටිලීන් වෙත රැස්ව සිටි අතර සමෝස් නගර මධ්‍යයේ පෙලපාලිකරුවන් 1500ක් පමණ රැස්වී සිටියහ.

කඩසාප්පු හා කාර්යාල වසා දමා තිබූ අතර බස් සහ කුලී රථ රියදුරන් ද වර්ජනයට එක්ව සිටියහ.

"සමෝස් නගරයේ අපට වඩා සංක්‍රමණියන් බොහෝ සිටිති. ඔවුන්ගේ ආගම වෙනස්ය.

ඔවුහු අපේ සංස්කෘතිය වෙනස් කරති. එසේම ඔවුන් අපේ සංචාරක කර්මාන්තයට ද අහිතකර ලෙස බලපෑම් කරති" යනුවෙන් විරෝධතාකරුවන් සඳහන් කර ඇත.

 

(බීබීසී ඇසුරිණි - 085)