IMG-LOGO

2025 දෙසැම්බර් මස 01 වන සඳුදා


තුර්කි සංචාරය අවසන් පාප්තුමන් ලෙබනනයට

ඊශ්‍රායල පලස්තීන අර්බුදයට ඇති එකම විසඳුම, ද්වී රාජ්‍ය විසඳුමක් යැයි ශුද්ධෝත්තම 14 වැනි ලියෝ පාප්තුමා අවධාරණය කරයි. පාප්තුමන් මේ බව අවධාරණය කළේ ලෙබනනයේ බීරූට් අගනුවරට පැමිණීමෙන් පසුවය.

පාප්තුමන් සිය පළමු තෙදින විදෙස් සංචාරය ආරම්භ කරමින් පසුගිය සති අන්තයේ පළමුවෙන්ම පැමිණියේ තුර්කියටය. තුර්කි ජනාධිපති රිජෙප් තායිප් එර්දොවාන් ප්‍රමුඛජ තුර්කි රජයෙන් හිමිවූයේ උණුසුම් පිළිගැනීමකි. පාප්තුමන් ඉස්තාන්බුල් නුවර ‘නිල් පල්ලිය’ හෙවත් ‘සුල්තාන් අහ්මද් පල්ලිය’ නැරැඹීමට ද අමතක කළේ නැත. පාප්තුමන් ලෙබනනය බලා ගියේ තුර්කි සංචාරය අවසන් කරමිණි.

තුර්කි ජනාධිපතිවරයා හමුවුණු අවස්ථාවේදී, පාප්තුමා යුක්රේන රුසියන් යුද්ධය සම්බන්ධයෙන් පමණක් නොව, ඊශ්‍රායල පලස්තීන අර්බුදය සම්බන්ධයෙන් ද සාකච්ඡා පැවැත්වීය. 

තුර්කිය නේටෝ සාමාජිකයෙකි. රුසියන් යුක්රේන යුද්ධය නැවැත්වීමට පමණක් නොව ඊශ්‍රායල ගාසා අර්බුදය නැවැත්වීමට ද තුර්කිය මැදිහත් වී සිටී. 14 වැනි ලියෝ පාප්තුමන්, එම ධුරයට පත් වුණු පළමු ඇමෙරිකන් පාප්තුමාය.

ලෙබනනයේ බීරූට් අගනුවරට පැමිණි පාප්තුමා පිළිගනු ලැබුවේ ලෙබනන් ජනාධිපති ජෝසප් එයොන් සහ ලෙබනන් රජයේ ඉහළ නිලධාරීන් විසිනි. ශුද්ධෝත්තම පාප්තුමන් පිළිගැනීමට විශේෂ උත්සවයක් බීරූට් අගනුවර බාඩ්ඩා රජ මාලිගයේදී පැවැත්විණි.

තුර්කිය මෙන්ම ලෙබනනය ද මුස්ලිම් බහුතරයක් වෙසෙන මැදපරෙදිග රාජ්‍යයකි. පාප්තුමන් ලෙබනනයට පැමිණියේ ලෙබනනයේ හිස්බුල්ලා සටන්කාමීන් සහ ඊශ්‍රායලය අතරේ අවි ගැටුම් පවතිද්දීය. හිස්බුල්ලා යනු ඉරානයේ ද අනුග්‍රහය ලබන ගාසා තීරයේ හමාස් සටන්කාමීන්ට සහාය දක්වන, සංවිධානයකි. මෙය දේශපාලන අංශයකින් මෙන්ම සන්නද්ධ අංශයකින් ද සමන්විතය. ලෙබනනයේ

මේ වනවිට අවි ගැටුම් පවතී. ඒ, ඊශ්‍රායලය සහ ලෙබනන් හිස්බුල්ලා සටන්කාමීන් අතරේ සටන් විරාමයක් පවතිද්දීය. 
ඊශ්‍රායලය සහ හිස්බුල්ලා සටන්කාමීන් අතරේ සටන් විරාමය ආරම්භ වූයේ ඇමෙරිකාවේ මැදිහත් වීමෙනි. කෙසේ නමුත් ඊශ්‍රායලය එම සටන් විරාමය දිගින් දිගටම උල්ලංඝනය කරන බවට හිස්බුල්ලා චෝදනා නගයි.

මැදපෙරදිග සාමය වෙනුවෙන් වතිකානය මැදිහත් වී සිටින්නේ ද වසර ගණනක් තිස්සේය. ගාසා අර්බුදය මෙන්ම ඊශ්‍රායල පලස්තීන අර්බුදය ද විසඳිය හැක්කේ ද්වී රාජ්‍ය විසඳුමකින් පමණක් යැයි වතිකානයේ ද අදහසය. 

2020 වසරේ දී බීරූට් අගනුවර වරායේ සිදුවුණු දැවැන්ත පිපිරීමෙන් මියගිය 200 දෙනා සහ තුවාල ලැබූ 6,000 දෙනා සිහිකරමින් විශේෂ යාඥා මෙහෙයක් පැවැත්වීමට ද නියමිතය. ඉන් අනතුරුව පාප්තුමා යළි වතිකානය බලා යෑමට නියමිතය.

යුදෙව් ඊශ්‍රායලය සහ මුස්ලිම් පලස්තීනය අතරේ පවතින දීර්ඝ කාලීන අර්බුදය විසඳිය හැක්කේ ද්වී රාජ්‍ය විසඳුමකින් බව වතිකානයේ පමණක් නොව, රටවල් බොහොමයක අදහසය. කෙසේ නමුත්, පලස්තීනුවන් ජීවත් වන ගාසා තීරය සහ බටහිර ඉවුර පිහිටා ඇත්තේ එකිනෙකට වෙනස් ස්ථාන දෙකකය. එබැවින් ද්වී රාජ්‍ය විසඳුම ක්‍රියාත්මක කිරීම ගැටලුවකි.



අදහස් (0)

තුර්කි සංචාරය අවසන් පාප්තුමන් ලෙබනනයට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 236 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 290 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 1209 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site