නේටෝවට අයත් තුර්කි හෙලිකොප්ටරයක ගමන් කරමින් සිටි පුද්ගලයන් නව දෙනකු අල්ලා ගැනීමට ඇෆ්ගන් තලේබාන් සටන්කාමීහු ඊයේ (22) සමත් වූහ.
හෙලිකොප්ටරය නැගෙනහිර ඇෆ්ගනිස්තානයේ පියාසර කරමින් තිබියදී යාන්ති‍්‍රක දෝෂයක් හටගෙන එය කාබුල් අගනුවරට දකුණු දෙසින් පිහිටි ලොගාර් ප‍්‍රාන්තයේ පිටිසරබඳ ප‍්‍රදේශයකට හදිසියේ ගොඩබෑමක් කර ඇත.
තලේබාන් සටන්කාමීහු හෙලිකොප්ටරය වටකොට එහි ගමන් කරමින් සිටි තුර්කි ජාතියන් අට දෙනා සහ ඇෆ්ගන් ජාතිකයා තම අත්අඩංගුවට ගත් බව මාධ්‍ය වාර්තා කරයි.