ත්‍රස්තවාදී ක්‍රියා සම්බන්ධයෙන් පරීක්ෂණ කරන බව කියන තුර්කි පොලිසිය එරට විපක්ෂ නායකයින් දෙදෙනෙකු වන සෙලෙහෙතීන් දිමිර්තාස් හා ෆිගින් යුක්සෙක්ඩාග් හා මන්ත්‍රීවරුන් නව දෙනකු අත්අඩංගුවට ගෙන නිවාස අඩස්සියේ තබා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ඔවුන් දෙදෙනා ජනතා ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ සම නායකවරු වෙති.ඔවුන් දෙදෙනා එම පරීක්ෂණයට සාක්ෂි දීම ප්‍රතික්ෂේප කළ නිසා මෙම තීරණය ගත් බව පොලිසිය කියයි.
අත්අඩංගුවට ගත් දිමිර්තාස් මෙම රඳවාගැනීම ගැන ට්විටර් පණිවිඩයක් ප්‍රසිද්ධ කිරීමෙන් පසු තුර්කියේ ට්විටර්, ෆේස්බුක්, යූටියුබ් සහ වට්ස්ඇප් යන සමාජ ජාල පහසුකම් අවහිර කර ඇත.
අත්අඩංගුවට ගෙන පැය කිහිපයකට පසු තුර්කි දියර්බකීර්හී කාර් බෝම්බයක් පිපිරී ඇති බවත් ඉන් එක් පුද්ගලයෙකු මිය ගොස් 30 දෙනකු පමණ තුවාල ලබා ඇති බවත් වාර්තා වෙයි.
(විපක්ෂනායකවරුන් දෙදෙනා)
(ඡායාරූප-ඇසෝසියේටඩ් පුවත්/රොයිටර්)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd