
තුර්කි විදේශ ඇමැති හකාන් ෆිදාන්, සිරියාවේ ඩමැස්කස් අගනුවරට පැමිණ සිරියාවේ බලය අල්ලා ගත් විපක්ෂයට සහාය දක්වන සන්නද්ධ සටන්කාමීන්ගේ නායක අහ්මද් අල් ෂාරා හමුවී සාකච්ඡා පැවැත්වීය. ඒ, බෂාර් අල් අසාද් බාලනය පෙරළා දැමීමෙන් පසු සිරියාවේ සමඟිය සහ ස්ථාවරත්වය ගොඩ නැගීමට සහාය පළ කරමිණි.
බෂාර් අල් අසාද්ගේ පාලනය පෙරළා දැමීමට සිරියානු විපක්ෂ දේශපාලන කණ්ඩායම්වලට සහාය පළ කළේ තුර්කියයි. විපක්ෂ දේශපාලන කණ්ඩායම් රටේ බලය අල්ලා ගැනීමෙන් පසු නව අන්තර්වාර රජයක් පිහිටුවා තිබේ. පළමු විදෙස් තානාපති කාර්යාලය ලෙස සිරියාවේ පිහිටුවනු ලැබුවේ තුර්කි තානාපති කාර්යාලයයි.
සිරියානු විපක්ෂය එරට අන්තර්වාර රජයක් පිහිටුවා ඇත්තේ, ලබන වසරේ මැතිවරණයක් පවත්වන බවට පොරොන්දුවක් දෙමිනි. විපකෂ දේශපාලන කණ්ඩායම් දේශපාලනික වශයෙන් සිරියාවට නායකත්වයක් දුන්නත්, සිරියාවේ නිල නොවන නායකයා ලෙස සැලකන්නේ විපක්ෂයට බලය අල්ලා ගැනීමට සහාය දැක්වූ අහ්මද් අල් ෂාරා ය. මොහු ට ඇමෙරිකාවේ ද සහාය හිමිවෙයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd