තුර්කියේ දකුණු දිග අඩනා පළාතේ පාසලක නේවාසිකාගාර නිදන මැදිරියක ඇතිවූ ගින්නකින් දැරියන් 11දෙනක් මියගොස් 22ක් තුවාල ලබා ඇතැයි තුර්කි බලධාරීහු පවසති. නේවාසිකාගාරයේ සේවය කළ කාන්තාවක් ද ගින්නෙන් මියගොස් ඇත.
ගින්න හටගන්නා විට දැරියන් සියළු දෙනාම තද නින්දේ පසු වූ බවත් ගින්නට හේතුව විදුලි කාන්දුවක් බවත් පැවසේ. හදිසි පිටවීමේ දොරටුව අගුලු දමා තිබු බවත් සමහර සිසුවියන් තුවාල වී ඇත්තේ ජනෙල් වලින් පැනීමට යාමේදී බව ඇඩෙනා ආණ්ඩුකාරවරයා පවසයි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd