IMG-LOGO

2025 නොවැම්බර් මස 13 වන බ්‍රහස්පතින්දා


තුර්කි පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ගැටෙති

තුර්කි ජනාධිපති තායිප් එර්දොගන් මහතාගේ ධුර කාලය දීර්ඝ කිරීම සඳහා ව්‍යවස්ථා වෙනසකට විවාදයක් ආරම්භ වීමත් සමඟ එරට පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් අතර ගැටුමක් ඇතිවිය.

තුර්කි පාලක පක්ෂය වන යුක්තිය හා සංවර්ධන (ඒ.කේ.පී) පක්ෂයේ හා රිපබ්ලිකන් ජනතා පක්ෂය (සී.එච්.පී) පක්ෂයේ මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තු සභා ගර්භය මැදට පැමිණ එකිනෙකාට පහරදුන් බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබිණි. තුර්කි පාලක පක්ෂයට සහාය දෙන ජාතිකවාදී පෙරමුණු පක්ෂය (එම්.එච්.පී) එරට ජනාධිපති තායිප් එර්දොගාන් මහතාගේ ධුර කාලය දීර්ඝ කිරීම සඳහා ව්‍යස්ථා යෝජනාවක් ඉදිරිපත් කරන ලදි. අතීතයේදී මෙන්ම ආණ්ඩු කඩා වැටීම වැළැක්විය යුතු බවත් ඒ සඳහා ශක්තිමත් නායකයත්වයක් අවශ්‍ය බවත් එම පක්ෂය පෙන්වා දී තිබිණි. 

තුර්කියේ ප්‍රධාන විපක්ෂය වන රිපබ්ලිකන් ජනතා පක්ෂය (සී.එච්.පී) පක්ෂය කුර්දි හිතවාදී ජනතා ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය එම ප්‍රතිසංස්කරණයට සිය විරෝධය පළ කළ අතර රට ඒකාධිපතීත්වයක් කරා ගමන් කරන බව ද ප්‍රකාශ කළේය.

මෙම ප්‍රතිසංස්කරණ යෝජනාවට ඡන්ද විමසීම ආරම්භ වීමත් මෙම ගැටුම ඇතිවිය. ප්‍රතිසංස්කරණ යෝජනාව සඳහා රහස්‍ය ඡන්ද විමසීමක් කැඳවා තිබූ අතර මේ සිදුවීම් සියල්ල සී.එච්.පී පක්ෂයේ මන්ත්‍රීවරයකු ජංගම දුරකතනයෙන් වීඩියෝ කරමින් සිටි අතර ඔහුගේ ජංගම දුරකතනය උදුරා ගැනීමට ඒ.කේ.පී පක්ෂ මන්ත්‍රීවරුන් කටයුතු කිරීමත් සමඟ ගැටුම උත්සන්න විය. 

කෙසේ වෙතත් සංශෝධන සිදු කරමින් ඒ සඳහා පාර්ලිමේන්තුවේ අනුමැතිය ගැනීමට ආණ්ඩු පක්ෂය සමත්විය. ගැටුම හේතුවෙන් පාර්ලිමේන්තුව කල් දැමුණු අතර විවාදය බ්‍රහස්පතින්දා (12) සවස්වරුවේ පැවැත්වීමට නියමිතව තිබිණි.

ජනාධිපතිවරයාගේ ධුර කාලය වැඩි කිරීමේ යෝජනාව සහිත කෙටුම්පතට පාර්ලිමේන්තුවේ 330 දෙනකුගේ සහාය අවශ්‍ය වන අතර පාර්ලිමේන්තුවේ අනුමැතිය ලැබීමෙන් පසු ජනමත විමසුමක් පැවැත්වීමට නියමිතය. පාලක ඒ.කේ.පී පක්ෂයට පාර්ලිමේන්තුවේ ආසන 316ක් හිමි අතර ඔවුන්ට එම්.එච්.පී පක්ෂයේ මන්ත්‍රීවරු 39 දෙනාගේ සහාය ද හිමිවෙයි. යෝජනාවට මන්ත්‍රීවරු 341ත් 343ත් අතර පිරිසකගේ කැමැත්ත හිමි වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබිණි. 

මෙම නව ප්‍රතිසංස්කරණ අනුව තුර්කි ජනාධිපති එර්දොගාන් මහතාට ඇමැතිවරු පත් කිරීම හා ඉවත් කිරීමට බලය හිමිවන අතර, පාලක පක්ෂයේ නායකත්වය ගැනීමට ද හැකියාව ලැබෙනු ඇත. එපමණක් නොව 2029 දක්වා බලයේ සිටීමට ද අවස්ථාව හිමි වේ. 

ඒ අනුව 2019 පැවැත්වීමට නියමිතව තිබූ ජනාධිපතිවරණය හා මහ මැතිවරණය ඉක්වමින් වසර පහේ ධුර කාල දෙකකින් තවදුරටත් බලයේ රැඳී සිටීමට තුර්කි ජනාධිපතිවරයා හැකියාව ලැබෙනු ඇතැයි පැවසේ. 



අදහස් (0)

තුර්කි පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ගැටෙති

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 660 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2331 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1723 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site