තුර්කියේ රාජ්‍ය බලය ඇල්ලීම සඳහා පසුගියදා සිදුකළ හමුදා කුමන්ත්‍රණයට සම්බන්ධ 1500ක් පමණ අත්අඩංගුවට ගත් බව විදෙස් මාධ්‍ය වාර්තා පවසයි.

එම පිරිස අතර හමුදා ප්‍රධානීන් හා විනිසුරුවන්ද වෙතියි කියති.

මෙම පිරිසට මරණ දඬුවම පමණුවන ලෙසට රජයට පක්ෂපාතී පිරිස් ඉල්ලීම් කරති. ජාත්‍යන්තර ක්ෂමා සංවිධානය පවසනුයේ තුර්කි රජය ඔවුන්ට විරුද්ධව විධිමත් ලෙස නඩු පවරා දඬුවම් ලබාදිය යුතු බවත් මරණ දඬුවම නොදිය යුතු බවත්ය.

කුමන්ත්‍රණකරුවන්ට එරෙහිව වීදි බට රජයට පක්ෂපාති පිරිසෙන් 250ක් පමණ මිය ගිය අතර 1000කට වැඩි පිරිසක් තුවාල ලැබූහ. අසාර්ථක හමුදා කුමන්ත්‍රණයෙන් පසු ඊට සම්බන්ධවූවන්ට දැඩි දඬුවම් පමුණුවන බව රජය කියයි.