IMG-LOGO

2025 නොවැම්බර් මස 13 වන බ්‍රහස්පතින්දා


තායිවානයත් එන්නතක් හදලා

'කොවිඩ් 19' හෙවත් නව කොරෝනා වයිරසයට එරෙහිව තායිවානය ද ප්‍රතිශක්තිකරණ එන්නතක් නිපදවා තිබේ. එම එන්නත ආරක්ෂිත බවත්, ඒ ගැන විශ්වාසය තැබිය හැකි බවත් තහවුරු කරමින් එය පළමුවෙන් ලබා ගැනීමට ඉදිරිපත් වූයේ තායිවාන ජනාධිපතිනී සෙයි ඉන්ග් වෙන්ය.

එන්නත නිපදවා ඇත්තේ තායිවානයේ 'මෙඩිජින් බයෝලොජික්ස්' ඖෂධ නිෂ්පාදන සමාගමය. තායිවාන සෞඛ්‍ය අමත්‍යාංශය, වෛද්‍යවරුන්ගේ සංගමය එන්නත නිෂ්පාදනයේ දී සහාය ලබා දී ඇත. එන්නත නිෂ්පාදනයේ දී අවශ්‍ය තාක්ෂණික දැනුම ලබා දී ඇත්තේ ඇමෙරිකාවය.

මේ වනවිටත්, තායිවානයේ එන්නත්කරණ වැඩසටහනක් ක්‍රියාත්මක වෙයි. තායිවාන වැසියන්ට ලබා දෙන්නේ ඇමෙරිකාවේ 'ෆයිසර්' සහ 'මොඩර්නා' එන්නත්ය.

තායිවාන ජනාධිපතිනිය 'ෆයිසර්' හෝ 'මොඩර්නා' හෝ ලබා නොගත් අතර, ඇය 'මෙඩිජින්' එන්නත සූදානම් වන තුරු බලා සිටියේ යැයි  තායිවාන මාධ්‍ය වාර්තා කර තිබේ. 'මෙඩිජින්' එන්නත ද මාත්‍රා දෙකකින් යුක්තය. පළමු මාත්‍රාව ලබා ගෙන දින 28 කින් දෙවැනි මාත්‍රාව ලබා ගැනීම කළ යුතු වෙයි.

මේ වනවිටත්, 'මෙඩිජින්' එන්නත ලබා ගැනීමට තායිවාන වැසියෝ ලක්ෂ 7 ක් ලියාපදිංචි වී සිටින බව ද වාර්තා වේ. 'මෙඩිජින්' එන්නත නිපදවා ඇත්තේ 'ඩෙල්ටා' වැනි කොරෝනා විකෘති පහසුවෙන් අඩපණ කළ හැකි ආකාරයට යැයි එහි නිෂ්පාදකයෝ පවසති.

(රොයිටර්)



අදහස් (0)

තායිවානයත් එන්නතක් හදලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 670 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2336 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1725 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site