
'කොවිඩ් 19' හෙවත් නව කොරෝනා වයිරසයට එරෙහිව තායිවානය ද ප්‍රතිශක්තිකරණ එන්නතක් නිපදවා තිබේ. එම එන්නත ආරක්ෂිත බවත්, ඒ ගැන විශ්වාසය තැබිය හැකි බවත් තහවුරු කරමින් එය පළමුවෙන් ලබා ගැනීමට ඉදිරිපත් වූයේ තායිවාන ජනාධිපතිනී සෙයි ඉන්ග් වෙන්ය.
එන්නත නිපදවා ඇත්තේ තායිවානයේ 'මෙඩිජින් බයෝලොජික්ස්' ඖෂධ නිෂ්පාදන සමාගමය. තායිවාන සෞඛ්‍ය අමත්‍යාංශය, වෛද්‍යවරුන්ගේ සංගමය එන්නත නිෂ්පාදනයේ දී සහාය ලබා දී ඇත. එන්නත නිෂ්පාදනයේ දී අවශ්‍ය තාක්ෂණික දැනුම ලබා දී ඇත්තේ ඇමෙරිකාවය.
මේ වනවිටත්, තායිවානයේ එන්නත්කරණ වැඩසටහනක් ක්‍රියාත්මක වෙයි. තායිවාන වැසියන්ට ලබා දෙන්නේ ඇමෙරිකාවේ 'ෆයිසර්' සහ 'මොඩර්නා' එන්නත්ය.
තායිවාන ජනාධිපතිනිය 'ෆයිසර්' හෝ 'මොඩර්නා' හෝ ලබා නොගත් අතර, ඇය 'මෙඩිජින්' එන්නත සූදානම් වන තුරු බලා සිටියේ යැයි තායිවාන මාධ්‍ය වාර්තා කර තිබේ. 'මෙඩිජින්' එන්නත ද මාත්‍රා දෙකකින් යුක්තය. පළමු මාත්‍රාව ලබා ගෙන දින 28 කින් දෙවැනි මාත්‍රාව ලබා ගැනීම කළ යුතු වෙයි.
මේ වනවිටත්, 'මෙඩිජින්' එන්නත ලබා ගැනීමට තායිවාන වැසියෝ ලක්ෂ 7 ක් ලියාපදිංචි වී සිටින බව ද වාර්තා වේ. 'මෙඩිජින්' එන්නත නිපදවා ඇත්තේ 'ඩෙල්ටා' වැනි කොරෝනා විකෘති පහසුවෙන් අඩපණ කළ හැකි ආකාරයට යැයි එහි නිෂ්පාදකයෝ පවසති.
(රොයිටර්)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd