
චීන රජයේ විරෝධය නොකතා, ඇමෙරිකන් කතා නායිකා නැන්සි පෙලෝසි තායිවානයේ තායිපේ අගනුවර පැමිණීම චීනයත් තායිවානයත් අතර දැඩි අර්බුදයක් ඇති කිරීමට හේතුවක් වී තිබේ.
ඇමෙරිකන් කතා නායිකාව තායිවානයට පැමිණ මිනිත්තු කීපයක් යද්දී චීනය, තායිවානය ආසන්න මුහුදේ දැවැන්ත යුද අභ්‍යාසයක් ආරම්භ කළේය.
චීන ප්‍රහාරක ජෙට් යානා තායිවාන ගුවන් කලාපයට උල්ලංඝනය කරමින් ඊට ඇතුළු වී පියාසර කරන්න විය.
තායිවාන කෘෂි කාර්මික භාණ්ඩ සම්බන්ධයෙන් සම්බාධක පැනැවීය. චීනය තායිවානයට තර්ජනය කරමින් පවසා ඇත්තේ ඉදිරියේදී තායිවානයට තව තවත් සම්බාධක පැනැවීමට බලාපොරොත්තු වන බවය.
මේ අතර තායිවාන ජනාධිපතිනි සායි ඉන්ග් වෙන්ග් හමුවී සාකච්ඡා කිරීමෙන් පසු ඇමෙරිකන් කතා නායිකා පෙලෝසි අවධාරණය කළේ චීනයේ 'චණ්ඩිකම්' වලට තායිවානය බිය නොවිය යුතු බවත්, ඇමෙරිකාවේ සහාය තායිවාන රජයට සහ ජනතාවට හිමිවනු ඇති බවත්ය.
(රොයිටර්)
2025 නොවැම්බර් මස 04
503
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2244
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1677
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
තායිවානයට එරෙහිව දැඩි තීරණ රැසක්