සංචාරක වීසා මගින් පසුගිය සතියේ තායිවානයට ඇතුළු වූ වියට්නාම ජාතිකයන් 152දෙනකු අතුරුදන්ව ඇතැයි බලධාරීහු පවසති. 

මොවුන් පසුගිය 21වැනිදා සහ 23 වැනිදා දකුණු දිග කවෝශිංග් නගරයෙන් තායිවානයට ඇතුළු වී ඇත.

මෙම පුද්ගලයන් නීති විරෝධීව තායිවානයේ රැකියාවල යෙදීමේ අදහසින් පැමිණෙන්නට ඇතැයි බලධාරීහු විශ්වාස කරති.

2015 වර්ෂයේ සිට වියට්නාමය ද ඇතුළුව ආසියානු රටවල් කිහිපයකින් පැමිණෙන්නන් සඳහා වීසා ගාස්තු අත්හැර දැමීමට තායිවානය තීරණය කළ අතර එමගින් සංචාරක ව්‍යාපාරය දියුණු කිරීමට අදහස් කෙරිණ.

එයින් පසු සිදුවූ සංචාරකයින් අතුරුදන් වීමේ විශාලම සිද්ධිය මෙය බව බලධාරීහු පවසති.

තායිවානයේ ජාතික ආගමන කාර්යාංශය පවසන්නේ අතුරුදන් වූ සංචාරකයින් සහ ඔවුන්ට උදව් කරන කණ්ඩායම සොයා පරීක්ෂණ ආරම්භ කර ඇති බවයි.

(බීබීසී ඇසුරිණි - 085)