IMG-LOGO

තායිවානයට ඇතුළු වූ වියට්නාම ජාතිකයන් 152ක් අතුරුදන්

සංචාරක වීසා මගින් පසුගිය සතියේ තායිවානයට ඇතුළු වූ වියට්නාම ජාතිකයන් 152දෙනකු අතුරුදන්ව ඇතැයි බලධාරීහු පවසති. 

මොවුන් පසුගිය 21වැනිදා සහ 23 වැනිදා දකුණු දිග කවෝශිංග් නගරයෙන් තායිවානයට ඇතුළු වී ඇත.

මෙම පුද්ගලයන් නීති විරෝධීව තායිවානයේ රැකියාවල යෙදීමේ අදහසින් පැමිණෙන්නට ඇතැයි බලධාරීහු විශ්වාස කරති.

2015 වර්ෂයේ සිට වියට්නාමය ද ඇතුළුව ආසියානු රටවල් කිහිපයකින් පැමිණෙන්නන් සඳහා වීසා ගාස්තු අත්හැර දැමීමට තායිවානය තීරණය කළ අතර එමගින් සංචාරක ව්‍යාපාරය දියුණු කිරීමට අදහස් කෙරිණ.

එයින් පසු සිදුවූ සංචාරකයින් අතුරුදන් වීමේ විශාලම සිද්ධිය මෙය බව බලධාරීහු පවසති.

තායිවානයේ ජාතික ආගමන කාර්යාංශය පවසන්නේ අතුරුදන් වූ සංචාරකයින් සහ ඔවුන්ට උදව් කරන කණ්ඩායම සොයා පරීක්ෂණ ආරම්භ කර ඇති බවයි.

(බීබීසී ඇසුරිණි - 085)



අදහස් (0)

තායිවානයට ඇතුළු වූ වියට්නාම ජාතිකයන් 152ක් අතුරුදන්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි. 2025 ජුනි මස 05 1675 0
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි.

රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්‍

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 565 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 653 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

Our Group Site