තායිවානයේ අගනුවර තායිපේ නගරය වෙත එක් වූ දසදහස් ගනන් ජනතාව සමරිසි විවාහ නීතිගත කරන ලෙස ඉල්ලමින් දැවැන්ත පාගමනක යෙදුනු බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. විචිත්‍රවත් ඇඳුම් වලින් සැරසුනු දේදුන පැහැයෙන් යුත් ධජ රැගත් ජනතාව තායිවාන ජනාධිපති මන්දිරය ඉදිරිපිට රැඳී සිටිමින් තම ඉල්ලීම් ඉදිරිපත් කර ඇත.
සමරිසි අයිතිවාසිකම් සම්බන්ධව ආසියානු රටවල් අතර තායිවානය වඩා ලිහිල් ප්‍රතිපත්තියක් අනුගමනය කළත් විවාහ නීතිගත කර නැත. මාස පහකට පෙර බලයට පත් වූ ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රගතිශීලී පක්ෂය සමලිංගික, ද්විලිංගික හා ලිංගික විපර්යාසයන්ට ලක් වූ පුද්ගලයන් සම්බන්ධව සානුකම්පිතව කටයුතු කරන බව පැවසේ. නව රජය යටතේ සමලිංගික විවාහ යථාර්තයක් වනු ඇති බවට බොහෝ දෙනා බලාපොරොත්තු තබා ඇත. එසේ වුවහොත් තායිවානය සමලිංගික විවාහ නීතිගත වූ ප්‍රථම ආසියාතික රට වනු ඇති බව විචාරකයෝ පවසති.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලොව අනෙක් රටවල ස්වභාවිකව බිහිවූ සමරිසි පුද්ගයයන් ඇතත් ලංකාවේ නම් ප්‍රසිද්ධ බෝඩින් පාසල් වලට ගිය නිසාම සමරිස්සන් වූ කොටසක් ඇත. ලංකාවේ සිටින මේ අන්කල්ලගෙන් පිරිමි දරුවන් පරෙස්සම් කරගත යුතුයි. (බ)
ලංකාවටත් ඔය නීතිය ඉල්ලා මහා මගට බසින කාලය වැඩි ඈතක නැතිවේවි? මොකද අද කාන්තාව ගෙදරට නාකි වෙනකම් ඉගනගෙන රැකියාවක් සොයාගෙන සුර සැප බලාගෙන විවාහ වුණාම... දැලි කුණු පෙරාගෙන කුස්සියේ වහලියක් වෙලා අත දරුවන් සමගින් (ම)
යමෙක් වැරදි කාම සේවනය බහුල බහුල වශයෙන් කරත්නම් එහි විපාක වාර වශයෙන් පන්සියයක් මතු ජීවිතවල නපුන්සකව ඉපදේ ,ඉන් අනතුරුව අවශේෂ කර්ම වශයෙන් ගැහැණු බවට පත්වේ. මේය අපට කිවේ,සියල්ල දත් සර්වඥ රජෝත්තමයෝයි. (අ)
මෙහෙම යද්දි නීතිගත කරයි.(හේ)