IMG-LOGO

2025 නොවැම්බර් මස 13 වන බ්‍රහස්පතින්දා


තායිවානය සමඟ දේශපාලන සම්බන්ධතා

තායිවානය සමඟ දේශපාලන සම්බන්ධතා ඇති කරගැනීම සහ සහයෝගීතාව ඇති කරගැනීම ට යුරෝපා සංගමය අවධානය යොමු කිරීම සම්බන්ධයෙන් චීනය සිය විරෝධය පළ කර තිබේ.

“තායිවානය සමඟ දේශපාලන සම්බන්ධතා සහ සහයෝගීතාව” යන මැයෙන් යුරෝපා සංගමය වාර්තාවක් එළිදක්වා ඇති අතර චීනය එයට සිය දැඩි විරෝධය පළ කර තිබේ. ඊට අමතරව එමඟින් චීනයේ “එක්-චීනයක් ප්‍රතිපත්තිය” උල්ලංඝනය වන බව ද චීනය චෝදනා කර ඇත.

මෙමඟින් නිල නොවන සහ ආර්ථික සහ වෙළෙඳ සහයෝගීතාව මෙන්ම සංස්කෘතික හුවමාරු ඉක්මවා යන බවත් යුරෝපා සංගමය සහ එහි සාමාජික රටවල් තායිවානය සමඟ සීමාව ඉක්මවා යමින් සම්බන්ධතා පවත්වන බවටත් චීනය චෝදනා කර ඇත. එසේම මෙම සම්බන්ධතා හේතුවෙන් චීනය සහ යුරෝපා සංගමය අතර තිබෙන අන්‍යෝන්‍ය අවබෝධය සහ සහයෝගීතාවට ද බාධා එල්ල වන බව චීනය සඳහන් කර ඇත.

මේ නිසා මෙම වාර්තාවටත් යුරෝපා සංගමයේ මෙම ක්‍රියාමාර්ග සහ පියවරවලටත් චීනය සිය දැඩි විරෝධය පළ කරන බව මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් යුරෝපා සංගමයේ චීන දූත මණ්ඩලයේ ප්‍රකාශක පැවැසීය.

තායිවානය කරුණ සම්බන්ධයෙන් ඇති සංවේදීතාව කෙරෙහි අවධානයෙන්, අවබෝධයෙන් සහ විමසිල්ලෙන් කටයුතු කරන්නැයි ද හෙතෙම යුරෝපා සංගම් පාර්ලිමේන්තුවට අවධාරණය කළේ ය.

තායිවානය සමඟ සමීප සම්බන්ධතා ආරම්භ කරන්නැයි යුරෝපා සංගම් පාර්ලිමේන්තුවේ සාමාජිකයන් යුරෝපා සංගමයට අවධාරණය කර තිබිණි. ඒ අනුව අදාළ වාර්තාව සකසා තිබෙන අතර තායිවානය සමඟ දේශපාලන සම්බන්ධතා ආරම්භ කිරීම සහ සහයෝගීතාව වැඩි කරගැනීම සම්බන්ධයෙන් යුරෝපා සංගමයේ අවධානය යොමු වී තිබේ.

තායිවාන සමුද්‍ර සන්ධිය ඇති වන අර්බුදකාරී තත්ත්වය සම්බන්ධයෙන් ද යුරෝපා පාර්ලිමේන්තුවේ සාමාජිකයන් මේ අතරවාරයේ දී අනතුරු අඟවා ඇත.

(ඒ.එන්.අයි.)



අදහස් (0)

තායිවානය සමඟ දේශපාලන සම්බන්ධතා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 664 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2332 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1724 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site