තායිවානයේ ඇතිවූ රිච්ටර් මාපාංක 6.4ක ප්‍රභල භූ කම්පනයකින් දෙදෙනකු පමණ මියගොස් තවත් 150ක පමණ පිරිසක් අතුරුදන්ව ඇතැයි බලධාරීහු පවසති.
කම්පනයෙන් තුවාල ලැබූ 219ක් පමණ පිරිසක් රෝහල්ගත කර ඇත.
දූපතේ නැගෙනහිර වෙරළේ කිලෝමීටර් 22ක් පමණ දුරින් ඊසාන දිග හුවාලෙන්හි කම්පන කේන්ද්‍රය පිහිටා තිබූ බව පැවසේ.
අතුරුදන් වූ පිරිස කඩාවැටුණු ගොඩනැගිලි වල සුන්බුන් වලට යටවී සිටිතැයි විශ්වාස කරන අතර මුදවාගැනීමේ මෙහෙයුම ක්‍රියාත්මක කර ඇති බව බලධාරීහු පවසති.
හුවාලෙන්හි හමුදා රෝහලක බොහෝ පිරිසක් සිරවී සිටින බව වාර්තා වී ඇත.
කාමර 270කින් සමන්විත මහල් 10කින් යුත් මාශල් හෝටලයේ ද බිම් මහල පුපුරා ගොස් ඇති අතර එහි පිරිසක් සිරවී සිටින බව පොලිසිය පවසයි.
බොහෝ ගොඩනැගිලි අංශක 40ක් පමණ පොළවට ඇලවි ඇති ආකාරය මාධ්‍ය වාර්තා කර ඇත. ප්‍රදේශයේ විදුලිය විසන්ධි වී ඇති අතර 40000ක පමණ පිරිසකට ජල පහසුකම් නොමැති බව පැවසේ.
(රොයිටර් ඇසුරිණි - 085)


2025 නොවැම්බර් මස 04
731
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2391
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1755
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
තායිවානයේ භූ කම්පනයකින් දෙදෙනෙක් මරුට