තායිවානයේ ට්‍රාන්ස් ඒෂියා ගුවන්සේවයට අයත් ටර්බෝ ප්‍රොප් වර්ගයට අයත් ගුවන් යානයක් තායිවානයේ පෙන්ගු දුූපතේ ගුවන්තොටුපළට ගොඩබැස්වීමට යාමේදී අනතුරට පත්වීම නිසාවෙන් යානයේ ගමන් ගත් මගීන් 47 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ගුවන්තොටුපලේ ගොඩනැගිලි කිහිපයක්ද ගිනි ගෙන විනාශව ඇතැයි වාර්තා වේ.
අනතුරට ලක්වන අවස්ථාවේ යානයේ කාර්යමණ්ඩලය හා මගීන්ද ඇතුලූව 54 දෙනෙකු සිට ඇති බව සඳහන්ය.
තුවාළ ලබා සිටි ඉතිරි 11 දෙනා රෝහල් ගත කර තිබේ.
අනතුර සිදුවන අවස්ථාවේ ගොඩනැගිලි වල කිසිවෙකුත් සිට නොමැත.
ගිනි නිවන භටයෝ පැමිණ ගින්න නිවා දමා ගුවන්තොටුපලේ අනෙක් ගොඩනැගිලි කරා පැතිරීම වළක්වා ඇත.
යානය ගොඩබස්වන අවස්ථාවේ පැවැති අධික වැසි සහිත කාලගුණය අනතුරට හේතුව වන්නට ඇතැයි පැවසේ.
කෙසේනමුත් තායිවාන ගුවන්ගමන් පාලන මධ්‍යස්ථානයට අනුව අයහපත් කාලගුණ තත්ත්වයක් පැවැතියද අන්තර්ජාතික ගුවන් ගමන් රෙගුලාසි වලට අනුව ගුවන් යානයක් පියාසර කරවිය හැකි තත්ත්වයක් තිබී ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd