තායිවානයේ ට්‍රාන්ස් ඒෂියා ගුවන්සේවයට අයත් ටර්බෝ ප්‍රොප් වර්ගයට අයත් ගුවන් යානයක් තායිවානයේ පෙන්ගු දුූපතේ ගුවන්තොටුපළට ගොඩබැස්වීමට යාමේදී අනතුරට පත්වීම නිසාවෙන් යානයේ ගමන් ගත් මගීන් 47 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ගුවන්තොටුපලේ ගොඩනැගිලි කිහිපයක්ද ගිනි ගෙන විනාශව ඇතැයි වාර්තා වේ.
අනතුරට ලක්වන අවස්ථාවේ යානයේ කාර්යමණ්ඩලය හා මගීන්ද ඇතුලූව 54 දෙනෙකු සිට ඇති බව සඳහන්ය.
තුවාළ ලබා සිටි ඉතිරි 11 දෙනා රෝහල් ගත කර තිබේ.
අනතුර සිදුවන අවස්ථාවේ ගොඩනැගිලි වල කිසිවෙකුත් සිට නොමැත.
ගිනි නිවන භටයෝ පැමිණ ගින්න නිවා දමා ගුවන්තොටුපලේ අනෙක් ගොඩනැගිලි කරා පැතිරීම වළක්වා ඇත.
යානය ගොඩබස්වන අවස්ථාවේ පැවැති අධික වැසි සහිත කාලගුණය අනතුරට හේතුව වන්නට ඇතැයි පැවසේ.
කෙසේනමුත් තායිවාන ගුවන්ගමන් පාලන මධ්‍යස්ථානයට අනුව අයහපත් කාලගුණ තත්ත්වයක් පැවැතියද අන්තර්ජාතික ගුවන් ගමන් රෙගුලාසි වලට අනුව ගුවන් යානයක් පියාසර කරවිය හැකි තත්ත්වයක් තිබී ඇත.
2025 දෙසැම්බර් මස 18
574
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
284
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1085
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
තායිවානයේ ගුවන් අනතුරක්