
තායිවානය චීනයට අයත් භූමියක් මිස, ඇමෙරිකාවට අයත් භූමියක් නොවේ යැයි චීන විදේශ අමාත්‍ය වැංග් ඊ පවසයි.
චීන විදේශ ඇමැතිරයා කළ මෙම ප්‍රකාශයත් සමඟ තායිවානය මුල්කොට ගනිමින් චීනයත් ඇමෙරිකාවත් අතර පවතින අර්බුදකාරී තත්ත්වය උත්සන්න වන බවක් පෙනී යන බව විදෙස් දේශපාලන විශ්ලේෂකයෝ පවසති.
තායිවානය මුල්කොට ගනිමින්, චීනයත් ඇමෙරිකාවත් අතර අර්බුදයක් නිර්මාණය වූයේ චීනයේ දැඩි විරෝධය මැද ඇමෙරිකන් නියෝජිත මන්ත්‍රී මණ්ඩල කතා නායිකා නැන්සි පෙලෝසී තායිවානයට පැමිණි බැවිනි.
ධවල මන්දිරය අවධාරණය කළේ එය නැන්සි පොලෝසීගේ පෞද්ගලික සංචාරයක් බවය. කෙසේ නමුත් පොලෝසී තායිවානවය පැමිණ තායිවාන ජනාධිපතිනී සායි ඉන්ග් වෙන්ග් හමුවූවා පමණක් නොව, තායිවාන පාර්ලිමේන්තුව ද ඇමැතුවාය.
කතා නායිකා නැන්සි පොලෝසි, තායිවානයට පය තැබූ අවස්ථාවේ පටන් චීනය තායිවානයට අනතුරක් වන අයුරින් දැවැන්ත යුද අභ්‍යාසයක් තායිවානය අසල මුහුදේ ආරම්භ කර තිබේ. ඊට අමතරව, තායිවානයට සම්බාධක පැනැවීමට ද චීන රජය කටයුතු කර තිබේ.
චීනය තායිවානයට පමණක් නොව, ඇමෙරිකන් කතා නායිකා නැන්සි පොලෝසි සහ ඇගේ පවුලේ සාමාජිකයන්ට ද සම්බාධක පනවා ඇති බව පැවැසෙයි.
(රොයිටර්)
2025 නොවැම්බර් මස 04
503
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2244
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1677
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
තායිවානය අයිති චීනයට ඇමෙරිකාවට නොවෙයි