IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


තායිවාන ප්‍රවාහන ඇමැති ඉල්ලා අස්වෙයි

පනස් දෙනකුට මරු කැඳවමින් පසුගිය සිකුරාදා (2) තායිවානයේ සිදුවුණු දුම්රිය අනතුරින් පසු එරට ප්‍රවාහන ඇමැති ලින් චියා ලන්ග් ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කළේය.

අනතුරට ලක් වෙද්දී දුම්රියේ 500 කට වැඩි පිරිසක් සිටි අතර, අනතුරින් 250 කට වැඩි පිරිසක් තුවාල ලැබූහ. දුම්රිය මගීන් අතරේ, විදෙස් සංචාරකයෝ ද සිටියහ. දුම්රිය පීලි පැන අනතුරට ලක් වූයේ උමඟක් තුළය. ඒ, එය උමඟ පිවිසුම අසල, දුම්රිය මාර්ගයට ආසන්නයේ තිබූ නඩත්තු ට්‍රක් රථයක හැපීමෙනි.

අනතුර සිදුවෙද්දී, දුම්රිය මාර්ගය අසල නඩත්තු කටයුතු සිදුවෙමින් තිබුණු අතර, නඩත්තු සේවකයන්ගේ නොසැලකිල්ල නිසා දුම්රිය මාර්ගයට මදක් ඉහළින්, නවතා දමා තිබුණු එම නඩත්තු ට්‍රක් රථය තිරංග දෝෂයක් හේතුවෙන්, දුම්රිය මාර්ගය ආසන්නයට ලිස්සා ගොස් ඇතැයි විමර්ශනවලින් හෙළි වී තිබේ.

දශක 4 කට පසු තායිවානයේ සිදුවුණු දරුණුතම දුම්රිය අනතුර ලෙස මෙය සැලකෙයි. දුම්රිය පීලි පැනීම සම්බන්ධයෙන් එහි වගකීම තමන් බාර ගන්නා බවත්, ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කළ බවත් ප්‍රවාහන ඇමැති ලින් චියා ලන්ග් සිය ෆේස්බුක් ගිණුම ඔස්සේ ද සටහනක් දමමින් පවසා තිබේ.

තායිපේහිදීය (රොයිටර්)



අදහස් (1)

තායිවාන ප්‍රවාහන ඇමැති ඉල්ලා අස්වෙයි

Rata Perata Wednesday, 07 April 2021 06:23 AM

මෙන්න රට ගැන කැක්කුමක් තියෙන, පුද්ගලික වාසි බලන්නේ නැති නායකයින් ඉන්න රටක්. මේ රටවල් දියුණුවීමේ රහස මේකයි. ඒකට අපේ රටේ ඉන්න දේශපාලකයෝ... පාස්කු ප්‍රහාරයෙන් දෙසිය ගණනක් මරලත් ඔය ඉන්නේ ඔක්කොම කිසි කරදරයක් නැතිව.

:       0       6

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 690 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 554 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 449 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site