
ඉදිරිපත් කෙරුණු නව පනත් කෙටුම්පතක් හේතුවෙන් තායිවාන පාර්ලිමේන්තුව උණුසුම් විය. පාර්ලිමේන්තුවේ ගුටිබැට හුවමාරුවක් ද සිදුවිය.
මෙම පනත් කෙටුම්පත සම්මත වුවහොත්, දුෂණ චෝදනා වලට වරදකරුවකු වී සිටින තායිවානයේ හිටපු ජනාධිපති චෙන් ෂුයි බියාන්ගේ චෝදනා නිෂ්ප්‍රභ කිරීමට හැකියාව ලැබෙන බව පැවැසෙයි.
හිටපු ජනාධිපති චෙන් ෂුයි බියාන් මහජන මුදල් අවභාවිතා කිරීම ඇතුළුව දුෂණ චෝදනා වලට වැරදිකරු වූ අතර තායිවාන අධිකරණය ඔහුට ජීවිතාන්තය දක්වා සිර දඬුවම් සහ ඇමෙරිකා එක්සත් ජනපද ඩොලර් මිලියන 6ක දඩ මුදලක් නියම කළේය.
පනත් කෙටුම්පත තෙවැනි වර කියවීම වැළැක්වීම සඳහා විපක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් විරෝධතා පුවරු සහ ශබ්ද විකාශන යන්ත්‍ර රැගෙන පාර්ලිමේන්තුවේ වේදිකාව මත ගොඩවීම හේතුවෙන් නොසන්සුන්තාවය හටගෙන පාර්ලිමේන්තු සභාව උණුසුම් විය.
ඇති වූ ගුටිබැට හුවමාරුව හේතුවෙන් ප්‍රජාතන්ත්‍රවාදී ජනතා පක්ෂයේ මන්ත්‍රී වරයෙක් සුළු තුවාල ලැබූ බවද වාර්තා වේ.
තායිවාන විපක්ෂය වන කුවෝමින්ටෑනග් පක්ෂයේ මන්ත්‍රීවරුන් පෙන්වා දෙන්නේ ජනාධිපති සයි ඉන්ග්-වෙන් කොවිඩ් වසංගතයෙන් ප්‍රයෝජන ගනිමින් ‘රාජ්‍ය රහස් වියදම්‘පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති බවය.
මෙම පනත මඟින් විධායක ජනාධිපතිවරයා රාජ්‍ය මුදල් භාවිතා කිරීම වරදක් නොවන බව ප්‍රකාශ කර ඇත.
(අල් ජසීරා)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd