IMG-LOGO

2025 නොවැම්බර් මස 11 වන අඟහරුවාදා


තායිවාන පාර්ලිමේන්තුවේ ගුටි කෙළියක්

ඉදිරිපත් කෙරුණු නව පනත් කෙටුම්පතක් හේතුවෙන් තායිවාන පාර්ලිමේන්තුව උණුසුම් විය. පාර්ලිමේන්තුවේ ගුටිබැට හුවමාරුවක් ද සිදුවිය.

මෙම පනත් කෙටුම්පත සම්මත වුවහොත්, දුෂණ චෝදනා වලට වරදකරුවකු වී සිටින තායිවානයේ හිටපු ජනාධිපති චෙන් ෂුයි බියාන්ගේ චෝදනා නිෂ්ප්‍රභ කිරීමට හැකියාව ලැබෙන බව පැවැසෙයි.

හිටපු ජනාධිපති චෙන් ෂුයි බියාන් මහජන මුදල් අවභාවිතා කිරීම ඇතුළුව දුෂණ චෝදනා වලට වැරදිකරු වූ අතර තායිවාන අධිකරණය ඔහුට  ජීවිතාන්තය දක්වා සිර දඬුවම් සහ ඇමෙරිකා එක්සත් ජනපද ඩොලර් මිලියන 6ක  දඩ මුදලක් නියම කළේය. 

පනත් කෙටුම්පත තෙවැනි වර කියවීම වැළැක්වීම සඳහා විපක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් විරෝධතා පුවරු සහ ශබ්ද විකාශන යන්ත්‍ර රැගෙන පාර්ලිමේන්තුවේ වේදිකාව මත ගොඩවීම හේතුවෙන් නොසන්සුන්තාවය හටගෙන පාර්ලිමේන්තු සභාව උණුසුම් විය.

ඇති වූ ගුටිබැට හුවමාරුව හේතුවෙන් ප්‍රජාතන්ත්‍රවාදී ජනතා පක්ෂයේ මන්ත්‍රී වරයෙක් සුළු තුවාල ලැබූ බවද වාර්තා වේ.

තායිවාන විපක්ෂය වන කුවෝමින්ටෑනග් පක්ෂයේ මන්ත්‍රීවරුන් පෙන්වා දෙන්නේ ජනාධිපති සයි ඉන්ග්-වෙන් කොවිඩ් වසංගතයෙන් ප්‍රයෝජන ගනිමින් ‘රාජ්‍ය රහස් වියදම්‘පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති බවය.

මෙම පනත මඟින් විධායක ජනාධිපතිවරයා රාජ්‍ය මුදල් භාවිතා කිරීම වරදක් නොවන බව ප්‍රකාශ කර ඇත.

(අල් ජසීරා)



අදහස් (0)

තායිවාන පාර්ලිමේන්තුවේ ගුටි කෙළියක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 535 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2259 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1689 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site