IMG-LOGO

2025 නොවැම්බර් මස 13 වන බ්‍රහස්පතින්දා


තායිවාන ජනපතිනිය ඇමරිකාවට යයි

මධ්‍යම ඇමෙරිකා සංචාරය ආරම්භ කරමින් තායිවාන ජනාධිපතිනි ත්සායි ඉන්ග් වෙන්ග් ඇමෙරිකා එක්සත් ජනපදයට ගිය බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. 

තායිවාන ජනාධිපතිනිය මධ්‍යම ඇමෙරිකාවට, ඇමෙරිකා එක්සත් ජනපදයේ හූස්ටන් හරහා ගමන් කළ අතර නැවත ඇය තායිවානයට පැමිණීමට නියමිතව ඇත්තේ සැන් ෆ්‍රැන්සිස්කෝ හරහාය. තායි ජනපතිනියගේ මෙම සංචාරය චීනය කෝප ගැන්වීමට හේතු වී ඇතැයි ද විදෙස් මාධ්‍ය වාර්තාවල දැක්විණි. 

මධ්‍යම ඇමෙරිකාවේ දින නවයක සංචාරයක නිරත වෙන තායිවාන ජනාධිපතිනිය එහිදි සිය මධ්‍යම ඇමෙරිකා මිත්‍ර රටවල් කිහිපයකම සංචාරය කිරීමට නියමිතය. ‘එක චීනයක්’ ප්‍රතිපත්තිය හා චීන තායිවාන අර්බුදය සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමු කරන්නැයි චීන පාලකයෝ වොෂින්ටනය වෙත දන්වා ඇතැයි වාර්තා වේ. 

ඇමෙරිකා එක්සත් ජනපදයේ ඔස්සේ මධ්‍යම ඇමෙරිකාව වෙත ගමන් කිරිමේදීත් නැවත ඇමෙරිකාව ඔස්සේ තායිවානයට පැමිණීමේදීත් තායිවාන ජනාධිපතිනිය ඇමෙරිකා ජනාධිපතිධුරයේ දිවුරුම් දීමට නියමිත ඩොනල්ඞ් ට්‍රම්ප් හෝ ඔහු නිල තනතුරු සඳහා නම් කර තිබෙන හෝ ඔහු නියෝජනය කරන කිසිවකු හෝ හමුවනු ඇත්ද යන්න පිළිබඳ චීනය දැඩි විමසිල්ලෙන් පසුවෙයි. 

ඇමෙරිකා ජනාධිපතිධුරයේ දිවුරුම් දීමට නියමිත ඩොනල්ඞ් ට්‍රම්ප්, චීනය අමතක කර එරට එදිරිවාදියකු වන තායිවානය සමඟ නිල සබඳතා ඇති කර ගැනීමට සූදානමින් සිටියි. ඇමෙරිකානුවන්ට සහ ඇමෙරිකා සමාගම්වලට රැකියා අවස්ථා අහිමි කළේ චීනය යැයි ඩොනල්ඞ් ට්‍රම්ප් නිරන්තරයෙන් චීනයට චෝදනා කරයි. 

 



අදහස් (0)

තායිවාන ජනපතිනිය ඇමරිකාවට යයි

ආමන්ත Monday, 09 January 2017 02:27 PM

එහෙමන් යුද්ධයක් පටන් ගනිවී.(හේ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 660 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2331 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1723 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site