මධ්‍යම ඇමෙරිකා සංචාරය ආරම්භ කරමින් තායිවාන ජනාධිපතිනි ත්සායි ඉන්ග් වෙන්ග් ඇමෙරිකා එක්සත් ජනපදයට ගිය බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
තායිවාන ජනාධිපතිනිය මධ්‍යම ඇමෙරිකාවට, ඇමෙරිකා එක්සත් ජනපදයේ හූස්ටන් හරහා ගමන් කළ අතර නැවත ඇය තායිවානයට පැමිණීමට නියමිතව ඇත්තේ සැන් ෆ්‍රැන්සිස්කෝ හරහාය. තායි ජනපතිනියගේ මෙම සංචාරය චීනය කෝප ගැන්වීමට හේතු වී ඇතැයි ද විදෙස් මාධ්‍ය වාර්තාවල දැක්විණි.
මධ්‍යම ඇමෙරිකාවේ දින නවයක සංචාරයක නිරත වෙන තායිවාන ජනාධිපතිනිය එහිදි සිය මධ්‍යම ඇමෙරිකා මිත්‍ර රටවල් කිහිපයකම සංචාරය කිරීමට නියමිතය. ‘එක චීනයක්’ ප්‍රතිපත්තිය හා චීන තායිවාන අර්බුදය සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමු කරන්නැයි චීන පාලකයෝ වොෂින්ටනය වෙත දන්වා ඇතැයි වාර්තා වේ.
ඇමෙරිකා එක්සත් ජනපදයේ ඔස්සේ මධ්‍යම ඇමෙරිකාව වෙත ගමන් කිරිමේදීත් නැවත ඇමෙරිකාව ඔස්සේ තායිවානයට පැමිණීමේදීත් තායිවාන ජනාධිපතිනිය ඇමෙරිකා ජනාධිපතිධුරයේ දිවුරුම් දීමට නියමිත ඩොනල්ඞ් ට්‍රම්ප් හෝ ඔහු නිල තනතුරු සඳහා නම් කර තිබෙන හෝ ඔහු නියෝජනය කරන කිසිවකු හෝ හමුවනු ඇත්ද යන්න පිළිබඳ චීනය දැඩි විමසිල්ලෙන් පසුවෙයි.
ඇමෙරිකා ජනාධිපතිධුරයේ දිවුරුම් දීමට නියමිත ඩොනල්ඞ් ට්‍රම්ප්, චීනය අමතක කර එරට එදිරිවාදියකු වන තායිවානය සමඟ නිල සබඳතා ඇති කර ගැනීමට සූදානමින් සිටියි. ඇමෙරිකානුවන්ට සහ ඇමෙරිකා සමාගම්වලට රැකියා අවස්ථා අහිමි කළේ චීනය යැයි ඩොනල්ඞ් ට්‍රම්ප් නිරන්තරයෙන් චීනයට චෝදනා කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එහෙමන් යුද්ධයක් පටන් ගනිවී.(හේ)