තායිවාන ජනාධිපති මා යින් ජියු දකුණු චීන මුහුදේ පිහිටි අයිතිය සම්බන්ධ මතබේදයන්ට ලක්වී ඇති තායිපිං දිවයිනට සංචාරයක් සඳහා ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්ථා කරයි. තායිවානය විසින් පාලනය කරන මෙම දූපතේ ඔවුන් සතු අයිතිය ප්‍රදර්ශනය කිරීම මෙම සංචාරයේ අරමුණ විය හැකි බව විදෙස් විචාරකයෝ පවසති. චීනය, වියට්නාමය හා පිලිපීනය මෙම දූපතට අයිතිවාසිකම් කියති.
ඇමරිකාව හා වියට්නාමය මෙම සංචාරය විවේචනය කර ඇති අතර වොෂින්ටනයෙන් නිකුත් කර ඇති නිවේදනයක සඳහන්ව ඇත්තේ මෙමගින් තත්වය තවත් නරක අතට හැරෙනු ඇති බවයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd