‘ඒඩීඅයිසෙඩ්’ නමින් හඳුන්වන තායිවානයේ ස්වයං ප්‍රකාශිත ගුවන් ආරක්ෂක හඳුනාගැනීමේ කලාපයට චීන හමුදාවේ ගුවන් යානා 29 ක් ඊයේ (22) ඇතුළු වූ බව තායිවාන ආරක්ෂක අමාත්‍යංශය නිවේදනය කළේය.
තායිවානයේ ස්වයං ප්‍රකාශිත ගුවන් ආරක්ෂක කලාපයට ඇතුළු වූ චීන හමුදාවේ ගුවන් යානා 29 ට ප්‍රහාරක ගුවන් යානා සහ සබ්මැරීන් නාශක ගුවන් යානා මෙන්ම වර්ග කිහිපයක ගුවන් යානා ඇතුළත් වූ බව පැවැසෙයි.
මෙහෙයුමක් සඳහා ගිය වසරේද චීන හමුදාවට අයත් ගුවන් යානා 30 ක් තායිවාන ස්වයං ප්‍රකාශිත ගුවන් ආරක්ෂක හඳුනාගැනීමේ කලාපයට ඇතුළු වූ බව පැවැසෙයි.
චීන හමුදාවේ ගුවන් යානා වලට අනතුරු ඇඟවීම සඳහා තායිවාන ගුවන් හමුදාවේ ප්‍රහාරක යානා පිටත් වූ බවත් රේඩියෝ මාර්ගයෙන් අනතුරු ඇඟවීම් නිකුත් කළ බවත් චීන හමුදාවේ ගුවන් යානා වල ක්‍රියාකරකම් නිරීක්ෂණය කිරීම සඳහා ගුවන් ආරක්ෂණ මිසයිල පද්ධතිය ක්‍රියාත්මක කළ බවත් තායිවාන ආරක්ෂක අමාත්‍යංශය ප්‍රකාශ කළේය.
(සී.එන්.එන්)
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
තායිවාන ගුවන් කලාපයට චීන යානා ඇවිල්ලා