තායිවානයේ ෆෝමෝසා ප්ලාස්ටික් සමාගම විසින් පවත්වාගෙන යනු ලබන විශාල වානේ කම්හලකින් පිටවන සිට විෂ මුසුවූ අපද්‍රව්‍ය හේතුවෙන් ඒ ආශ්‍රිත මුහුදේ මසුන් මිය යාමට පටන් ගෙන ඇතැයි වියට්නාමය කියයි.

මේ නිසා අප්‍රේල් මාසයේ සෑහෙන මසුන් ගණනක් මිය ගිය බව වාර්තා වලින් හෙළි වී තිබේ.

මේ සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන ලෙස ඉල්ලමින් පහුගිය දිනවලදී පැවැති මහජන විරෝධතා වලින් අනතුරුව එරට රජය මේ පිළිබඳව පරීක්ෂණයක්  ආරම්භ කළේය.

එම කම්හලෙන් නිකුත් වූ විෂ සහිත ජලය හේතුවෙන්   මුහුදේ මසුන් මියගිය බව   ආයතනය පිළිගෙන තිබේ. එමෙන්ම වන්දි වශයෙන් එම ආයතනය ඩොලර් මිලියන 500ක් ගෙවීමට එකග වී තිබේ.

ෆොමොසා ආයතනය වියට්නාමය තුල ඇති විශාලතම  ව්‍යාපෘතියක් ලෙස හැදින්විය හැක.