තායිලන්තයේ බැංකොක් සිට ඉන්දියාවට පැමිණි ගුවන් මගියෙකුගේ ගමන් මල්ලේ සිටි මාසයක් වයසැති දිවි පැටියෙකු සොයාගත් බව ඉන්දීය රේගු බලධාරීහු පවසති.
බෑගයෙන් නිකුත් වූ ශබ්ද හේතුවෙන් සොයාබලන විට මෙම සතා හමුවී ඇත. කිලෝග්‍රෑම් එකක් පමණ බර එම දිවි පැටියා ප්ලාස්ටික් කූඩයක සඟවා ගෙනවිත් ඇති බව වාර්තා වේ.
ඉන්දියාවේ චෙන්නායි ගුවන්තොටේදී දිවි පැටියා සමග මෙම පුද්ගලයා අත්අඩංගුවට ගෙන ඇත.අවුරුදු 45ක් වයසැති එම සැකකරු ජාත්‍යන්තර හොරබඩු ජාවාරමේ කොටස්කරුවකුද යන්න සම්බන්දව විමර්ශන ආරම්භ කර ඇති බව බලධාරීහු පවසති.
පසුව දිවි පැටියා චෙන්නායිහි සත්වෝද්‍යානයකට මුදාහැර ඇත.
(බීබීසි ඇසුරිණි - 085)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd