රුධිර කැටි ගැසීම් පිළිබඳව වාර්තා වීම හේතුවෙන් කොරෝනා සඳහා නිර්දේශිත ඇස්ට්‍රසෙනිකා එන්නත ලබාදීම තායිලන්තය විසින් තාවකාලිකව නතර කර තිබේ.
මීට පෙර ඩෙන්මාර්කය, නෝර්වේ ඇතුළු රටවල් ගනනාවක් විසින් මෙම එන්නත ලබාදීම අත්හිටුවනු ලැබීය.
ඇස්ට්‍රසෙනිකා එන්නත ලබාගැනීමෙන් පසු රුධිරය කැටිගැසීමේ සිදුවීම් 30ක් පමණ යුරෝපයේ වාර්තා වී තිබේ.
එසේවුවද යුරෝපීයයන් මිලියන 05කට පමණ ඇස්ට්‍රසෙනිකා එන්නත මේ වනවිට ලබාදී තිබේ.
යුරෝපීය සෞඛ්‍ය කාර්යංශය පවසන්නේ එන්නත මගින් රුධිර කැටි ඇතිකරන බවට කිසිදු සංඥාවක් නොමැති බවයි. ඔවුන් වැඩිදුරටත් පවසන්නේ එන්නතින් ඇතිවන අවදානමට වඩා එහි ප්‍රතිලාභ ඉහල මට්ටමක පවතින බවයි.
තායිලන්තයේ කොරෝනා රෝගය විශාල වශයෙන් ව්‍යාප්ත වී නොමැති බැවින් වෙනත් එන්නත් කෙරෙහි යොමුවිය හැකි බව තායිලන්තයේ මහජන සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
ඇස්ට්‍රසෙනිකා සමාගම පවසන්නේ සායනික අත්හදාබැලීම් අතරතුර ඖෂධයේ ආරක්ෂිත බව සම්බන්දව විශාල ලෙස පරීක්ෂා කළ බවයි.
කෙසේවුවද පෘතුගාලය, ඕස්ට්‍රේලියාව, මෙක්සිකා්ව සහ පිලිපීනය වැනි රටවල් ඇස්ට්‍රසෙනිකා එන්නත්කරණ වැඩසටහන දිගටම කරගෙන යන බව පවසා තිබේ.
(බීබීසී ඇසුරිණි - 085)
ශ්රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
තායිලන්තයත් ඇස්ට්‍රසෙනිකා එන්නත් කිරීම නවත්වයි