තායිලන්තයේ විපක්ෂය නියෝජනය කරන රතු කමිස ව්‍යාපාරයට අනුබද්ධ රූපවාහිනි නාළිකා දෙකක් දින හතකට තහනම් කිරීමට එරට හමුදා පාලනය කටයුතු කර ඇතැයි විදෙස් පුවත් සේවා අද (31) වාර්තා කළේය.
හමුදා නීතිය යටතේ තායිලන්තය පළමු වරට රූපවාහිනි නාළිකාවක් තහනම් කරනු ලැබුවේ ඉකුත් මැයි මාසයේදීය. එම නාළිකාවට පැනවූ තහනම ඉන් මාස තුනකට පසු ඉවත් කරනු ලැබුවේ කිසිදු දේශපාලන වැඩසටහනක් විකාශය නොකිරීමේ කොන්දේසිය යටතේය.
ඒකාධිපතිත්වයට එරෙහි ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් වූ එක්සත් පෙරමුණ හෙවත් රතු කමිස ව්‍යාපාරයේ නායක ජාටුපෝ ප්‍රොම්පාන් වාරණයට ලක්වූ රූපවාහිනි නාළිකා දෙකේ දිනපතාම වැඩසටහන්වලට එක් විය.
2006 වසරේදී තක්ෂීන් ෂිනවත්‍රා බලයෙන් පහ කළ අවස්ථාවේ සිටම තවමත් තායිලන්තයේ දේශපාලන අර්බුද පවතින අතර තක්ෂීන් විරෝධීන් වන කහ කමිස ව්‍යාපාරයේ රූපවාහිනි නාළිකා තහනම් කිරීමටද වරෙක හමුදා පාලනය කටයුතු කළේය.
මෙවැනි තත්ත්වයක් තුළ තායලන්තයට සහජීවනය හා සාමය ගෙන ආ නොහැකි බව දේශපාලන විශ්ලේෂකයෝ පෙන්වා දෙති.
බැන්කොක්හිදීය (ඒ.එෆ්.පී)
2025 නොවැම්බර් මස 04
451
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2207
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1660
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
තායිලන්තයේ රූපවාහිනී නාලිකා දෙකක් තහනම් කරයි
දුමින්ද Wednesday, 01 April 2015 04:05 AM
ආසියාවේ අරාබි වසන්තය (ම)