ලොව වැඩිම කලක් රජකම් කළ රජු ලෙස සැලකෙන තායිලන්තයේ භූමිබෝල් අදුල්යාදේජ් (88) රජුගේ සෞඛ්‍ය තත්ත්වය නරක අතට හැරෙමින් ඇතැයි වාර්තා වෙයි.ඔහු මාස කිහිපයක සිට ජනතාව අතරට පැමිණ නැති අතර ඔහු වැඩි කලක් රෝහලේ ගත තරන බව සදහන් වෙයි.ඔහුගේ රුධිර පීඩනය ද අසාමාන්‍ය තත්වයකට පත්ව ඇතැයි වෛද්‍යවරු පවසති.ඔහුට වකුගඩු රෝගයක් ඇති බවත් ඒ සඳහා ප්‍රතිකාර කිරීමේදී ද රුධිර පීඩනය අසාමාන්‍ය ලෙස පහත වැටුණු බවත් කියති.

එමෙන්ම ඔහුට රාජකාරි කටයුතු වලින් ඉවත්වන ලෙස වෛද්‍යවරු ඉල්ලා සිටිති.

ඔහු 1946 සිට මේ වන තෙක් වසර 70ක කාලයක් තායිලන්තයේ රජ කිරුළ දැරීය.එරට රටවැසියෝ ඔහුට නිරෝගී සුවය පතමින් පුජා පවත්වති.

_91743749_772cb890-b7f0-4316-9e73-bb2522e524e7 _91746237_65fcba41-df6e-4d97-9623-473dcbb937d8