තායිලන්තයේ බැංකොක් නගරය අවට නගර කිහිපයක සිදු වූ බොම්බ පිපිරීම් වලින් තිදෙනකු මියගොස් බොහෝ පිරිසකට තුවාල සිදු වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

සංචාරක නගර ලෙස ප්‍රසිද්ධියක් උසුලන හුවා හින්, පෝකට් සහ සහ තවත් ස්ථාන කිහිපයක මෙසේ පිපිරීම් සිදුව ඇති බවත් ප්‍රහාර වල වගකීම කිසිවකු බාරගෙන නොමැති බවත් වාර්තා වේ.

රැජිනගේ උපන්දිනය නිමිත්තෙන් ලැබුණු දීර්ඝ සති අන්ත නිවාඩුවේ තායි ජනතාව උත්සව පවත්වන අතර තුර මෙම බෝම්බ පිපිරීම් සිදු වී ඇත.