තායිලන්තයේ බැංකොක් නුවර ආගමික ස්ථානයක් ආසන්නයේදී සිදුවූ පිපිරීමකින් 12 දෙනෙකු මියගොස් 20 දෙනෙකුට අධික සංඛ්‍යාවක් තුවාළ ලබා ඇතැයි එරට පොලිසිය කියයි.

බෝම්බය පිපිරී ඇත්තේ තායිලන්ත වේලාවෙන් පස්වරු 7.00 ට පමණය.

තුවාළ ලැබූවන් අතර විදේශිකයින්ද සිටින බව සඳහන්ය.

ප්‍රහාරයේ වගකීම මේ දක්වාම කිසිවෙකුත් භාරගෙන නොමැත.