තායිලන්තයේ මධ්‍යම ප්‍රදේශයේ අයුත්තරා පළාතේ චාඕ ප්‍රියා ගංගාවේ ගමන්ගත් යාත්‍රාවක් පෙරළීමෙන් මියගිය 10දෙනකුගේ සිරුරු සොයාගත් බව තායිලන්තයේ මාධ්‍ය වාර්තා කර ඇත. යාත්‍රාවේ 150ක පමණ පිරිසක් ගමන් කර ඇති බවත් බොහෝ පිරිසක් අතුරුදන් වී ඇති බවත් වාර්තා වේ.

තට්ටු දෙකකින් යුත් මෙම යාත්‍රාවේ ආගමික උත්සවයකට සහභාගී වූ මුස්ලිම් ජාතිකයින් පිරිසක් ගමන් කරමින් සිට ඇති අතර යාත්‍රාව පාලම් කණුවක ගැටීමෙන් අනතුර සිදුවී ඇත.

කිමිදුම්කරුවන් යොදාගෙන සෝදිසි මෙහෙයුම් සිදු කරන බව තායි පොලිසිය පවසයි.

160919080618-thailand-ferry-exlarge-169 CsoiigmUkAAitI6