
තායිලන්ත මහ මැතිවරණය ද පසුගිය සති අන්තයේ පැවැත්වුණු අතර, මැතිවරණයේ ප්‍රතිඵල නිකුත් විය. ඒ අනුව, වත්මන් අග්‍රාමාත්‍යවරයා ලෙස කටයුතු කරන අනුටින් චාර්න්විරාකුල් සහ ඔහුගේ ‘භූම්ජයිතායි’ පක්ෂයට විශිෂ්ට ජයක් හිමිවිය.
තායිලන්ත පාර්ලිමේන්තුවේ ආසන 500 කි. එයින් ආසන 194 ක් පාලක ‘භූම්ජයිතායි’ පක්ෂය විසින් දිනා ගනු ලැබුණි. තායිලන්ත ප්රගතිශීලී ජනතා පක්ෂය දිනා ගත්තේ ආදන 117 කි. ෂිනවත්‍රා පවුලේ දේශපාලන බලවේගය ලෙස සැලෙකන ‘පූතායි’ පක්ෂය දිනා ගත්තේ ආසන 77 කි.
මැතිවරණ ජයග්රහණයෙන් පසු අග්‍රාමාත්‍ය අනුටින් චාර්න්විරාකුල් මාධ්‍ය හමුවේ කියා සිටියේ, මෙය තමන්ගේ හෝ තම පක්ෂයේ හෝ ජයග්‍රහණයක් නොව, තමන්ට හෝ තම පක්ෂයට ඡන්දය දුන් හා නොදුන් සියලුම තායිලන්ත වැසියන්ගේ ජයග්‍රහණයක් බවය. උපරිම කැපවීමෙන් තමන් ජනතාවට සේවය කිරීමට අපේක්ෂා කරන බව ද අග්‍රාමාත්‍යවරයා අවධාරණය කළේය.
සන්ධාන රජයක් පිහිටුවීම සම්බන්ධයෙන් අනුටින් චාර්න්විරාකුල් ඔහුගේ ‘භූම්ජයිතායි’ට හිතවත් දේශපාලන පක්ෂ නායකයන් හමුවී සාකච්ඡාවක් ද පැවැත්වීය.
පසුගිය වසරේ සැප්තැම්බරය වෙද්දී, තායිලන්තයේ පැවැතියේ සන්ධාන රජයකි. අග්‍රාමාත්‍ය ධුරය හෙබවූයේ තායිලන්තයේ හිටපු අග්‍රාමාත්‍ය තක්සින් ෂිනවත්‍රාගේ දියණිය පැටොන්ග්ටාන් ෂිනවත්රාය.
අසල්වැසි කාම්බෝජය සමඟ හටගත් අර්බුදයක් හේතුවෙන් පැටොන්ග්ටාන් ෂිනවත්රාට ධුරය අහිමිවිය. පුරප්පාඩු වූ අග්‍රාමාත්‍ය ධුරයට ඒ අනුව, අනුටින් චාර්න්විරාකුල් අග්‍රාමාත්‍ය ධුරය භාර ගත්තේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd