
තායිලන්ත අගමැතිනී පේටොංටාන් ෂිනවාත්‍රාට එරෙහිව එරට විපක්ෂ දේශපාලන කණ්ඩායම් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ විශ්වාසභංගයක් ඉදිරිපත් කළේය. එම විශ්වාසභංගය පරාජය කිරීමට අග්‍රාමාත්‍යවරිය සමත් විය. පේටොංටාන් ෂිනවාත්‍රා යනු තායිලන්තයේ හිටපු අග්‍රාමාත්‍යවරයෙකු වන තක්සින් ෂිනවාත්‍රාගේ දියණියයි.
38 හැවිරිදි පේටොංටාන් ෂිනවාත්‍රාට එරෙහිව විශ්වාසභංගයක් ගෙන ඒමට හේතුව වූයේ, අගමැතිය ඇගේ පියා තක්සින් ෂිනවාත්‍රාගේ රූකඩයක් යැයි චෝදනා කරමිණි.
තක්සින් ෂිනවාත්‍රා, නූතන තායිලන්ත දේශපාලනයේ කැපී පෙනෙන චරිතයකි. දූෂණ චෝදනා එල්ල වී අග්‍රාමාත්‍ය ධුරය අහිමි වීමෙන් පසු, තක්ෂින් ෂිනවාත්‍රා, අත්අඩංගුවෙන් බේරී වසර 15 ක් තිස්සේ විදෙස්ගතව ජීවත් විය. තක්සින් ෂිනවාත්‍රා, තායිලන්ත අග්‍රාමාත්‍ය ධුරය හෙබවූයේ 2001 සිට 2006 දක්වා කාලයේය.
තක්සින් ෂිනවාත්‍රා 2023 වසරේ දී යළි තායිලන්තයට පැමිණියේය. එම අවස්ථාවේදී ඔහු අත්අඩංගුවට ගැණුනු අතර, චෝදනා සම්බන්ධයෙන් අවුරුදු 8 ක සිරදඬුවම් නියම කෙරුණි. කෙසේ නමුත් එය මාස කීපයකට සීමා වුණු අතර, තක්සින් ෂිනවාත්‍රා නිදහස් විය.
අගමැතිනී පේටොංටාන් ෂිනවාත්‍රාට එරෙහි විශ්වාසභංගය, දින දෙකක් විවාදයට ගැණුනු අතර අවසානයේ ඊයේ (26) දිනයේ, ඡන්ද විමසීමක් පැවැත්විණි. එහිදී අග්‍රාමාත්‍යවරියට එරෙහිව, විශ්වාසභංගයට පක්ෂව ඡන්ද 162 ක් හිමිවුණු අතර, අග්‍රාමාත්‍යවරියට සහාය දක්වමින් හිමිවුණු ඡන්ද ගණන 319 කි.
2025 දෙසැම්බර් මස 04
703
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
555
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
450
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
තායිලන්ත අගමැතිනිය විශ්වාසභංගයෙන් බේරෙයි