තායිලන්ත නව රජුට අපහාස කළැයි එරට රාජ්‍ය විරෝධියකු අත්අඩංගුවට ගෙන ඇතැයි වාර්තා වෙයි.

ෆේස්බුක් හරහා එරට නව රජු මහා වජිරලෝන්කෝන් ගැන ලිපි හුවමාරු කිරිම ඔහුව අත්අඩංගුවට ගැනීමට හේතුව බව එරට මාධ්‍ය කියයි.භූමිබෝල් අදුල්යාදේජ්ගේ මරණයෙන් මාස දෙකකට පසු ඔහුගේ පුත් වජිරලෝන්කෝන් රජකමට පත්විය.

රජ පවුලට අපහාස කිරීමේ චෝදනා මත ඔහුට වසර 15ක පමණ සිර දඬුවමක් නියම කරනු ඇතැයි විදෙස් මාධ්‍ය මත පළකරයි.

වජිරලෝන්කෝන් රජකමට පත් වී අත්අඩංගුවට ගත් පළමු පුද්ගලයා ඔහු බවත් ඔහු මීට පෙර රජයට එරෙහි විරෝධතා වලට සහභාගී වී තිබෙන බවත් වාර්තා වෙයි.

රාජ අපහාස නීතිය ක්‍රියාත්මක කරමින් විරුද්ධවාදීන් පීඩාවට පත්කිරීම ගැන මානව හිමිකම් ක්‍රියාකාරීහු තායිලන්ත රජයට චෝදනා කරති.