
තායි රජු සහ රැජින පසුගිය අප්‍රේල් 25 වැනිදා ඔවුන්ගේ බෝයිං වර්ගයේ නිල ගුවන් යානය පියාසර කරමින්, භූතානයේ නිල සංචාරයක් සඳහා පැමිණියහ.
භූතානයේ පාරෝ ගුවන් තොටුපොළට ගොඩබෑ තායිලන්ත රාජකීය යුවළ පිළිගනු ලැබුවේ භූතාන රජු සහ බිසව ඇතුළු සම්භාවනීය අමුත්තන් විසිනි.
සාමාන්‍යයෙන්, විදෙස් සම්භාවනීය අමුත්තන්, විශේෂ ගුවන් යානාවලින් විදෙස් සංචාරවල නියැළෙන නමුත් තායි රජු වජ්‍රලෝංග්කෝන් සහ බිසව සුත්හිදා ඔවුන්ගේ රාජකීය ගුවන් යානය පියාසර කරමින්, තායිලන්තයේ සිට භූකානය බලා පැමිණීම සුවිශේෂී සිදුවීමක් විය.
තායි රජු එරට හමුදාවේ සේවය කර ඇත. ඔහු ප්‍රහාරක ගුවන් යානා නියමුවෙකි. එෆ් 5, එෆ් 16 සහ බෝයිං 737-400 වර්ගයේ ගුවන් යානා පියාසර කිරීමට ඔහුට සුදුසුකම් සහ පළපුරුද්ද ඇත.
වජ්‍රලෝංග්කෝන් රජු තායි රජ කිරුළට උරුමකම් කීවේ 2019 දීය. ඔහු විදෙස් සංචාරක නියැළෙන පළමු අවස්ථාව වන්නේ මෙයයි.
භූතානය බලා පැමිණි ගුවන් ගමනේ දී රජුගේ සහාය නියමුවා ලෙස කටයුතු කළේ බිසවය. තායි රාජකීය යුවළක්, භූතානයේ නිල සංචාරකය යෙදෙන පළමු අවස්ථාව වන්නේ ද මෙයයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd