තායිලන්ත රජ පවුලට අපහාස වන අයුරින් පළ කර ඇති අන්තර්ජාල ලිපි සහ යුටියුබ් වීඩියෝපට ඉවත් කිරීමට ගුගල් ආයතනය එකඟ වූ බව තායිලන්ත නියෝජ්‍ය අග්‍රාමාත්‍ය ප්‍රාජින් ජින්තොන් පවසයි. තායිලන්ත රජු භූමිබෝල් අදුල්යාදේජ් මිය ගිය දින(13) සිට ගුගල් සේවාව යටතේ ඇති වෙබ් අඩවි වල එවන් ලිපි 100 පමණ පළ වී ඇතැයි ඔහු පැවසිය.
තායිලන්තය තුළ පවතින දැඩි නිතිය යටතේ රජ පවුලට අපහාස වන අයුරින් කටයුතු කිරීම නීති විරෝධී වේ.රජ පවුලට අපහාස වන අයුරින් කටයුතු නොකරන ලෙස එරට රටවැසියන්ට උපදෙස් ලබා දී තිබේ. රජුට,රැජිනියට,ඔටුන්න හිමි කුමාරයාට හෝ වැඩබලන රජුට අපහාස කිරීම අපරාධ නිතිය යටතේ වසර 15ක සිර දඬුවම් විඳීමට සිදුවන වරදකි.
පවතින නීති රීති අනුව ඒවා ඉවත් කිරීමට කටයුතු කරන බවත් විධිමත් පරීක්ෂණයකින් අනතුරුව තායිලන්තය තුළ ඒවා අවහිර කරන බවත් ගුගල් ආයතනය පවසයි. මිට පෙරද එරට රජය ගුගල් ආයතනයට මෙවන් පැමිණිලි සිදුකොට ඇත.
2025 නොවැම්බර් මස 04
639
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2318
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1720
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
තායි රජ පවුලට අපහාස නොකරන්න
චන්න Monday, 24 October 2016 05:45 PM
අපේ නම් රජ පවුල කිය කියා හිටියේ නැහැ. රජ පවුලට විරුද්ධව ලියපු කීපදෙනෙක් අදටත් හොයාගන්න නැහැ
මේනු Thursday, 27 October 2016 05:16 AM
සමහරවිට අපේ රජ පරම්පරාව එංගලන්තේ ජිවත්වෙනවත් ඇති. ඉන්දියාවේ හිරේදී නැතිවුණා කියල කිවුවට කවුද ඇත්ත දන්නේ? අධිරාජ්‍ය වාදීන් අපිට මෙච්චර කල් ඇත්ත කිව්වේ නැහැනේ. සෑම රටකම තමන්ගේ රජ පරම්පරාව ආරක්ෂා කරනවා. අපිට ඒ භාග්‍යවත් නැහැ. (බ)
සිල්වා Monday, 24 October 2016 05:31 AM
ඔව් ඔව් ඔය ජරා වැඩ කෙරුවට ඕවා ඉන්ටෙර්නෙට් එකේ දාන්ඩ එපා (බ)