තායිවානයේ අභ්‍යන්තර ගුවන් ගමනක නිරත වෙමින් තිබූ ට්‍රාන්ස් ඒසියා එයාවේස් ගුවන් සමාගමේ යානයක් තායිවානයේ තායිපේ ගඟට කඩා වැටීමෙන් අට දෙනකු මියගොස් තවත් පිරිසක් අතුරුදන්ව ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

යානය කඩා වැටෙන් අවස්ථාවේ එහි පුද්ගලයන් 58 දෙනකු සිටි බව ද එම වාර්තා පෙන්වාදෙයි. ගලවා ගැනීමේ කණ්ඩායම් පවසන්නේ කඩා වැටුණු යානයේ සිරවී සිටින පුද්ගලයන් 30ක් පමණ බේරාගැනීමට උත්සාහ ගන්නා බවයි.

යානය තායිපේ සොන්ෂාන් ගුවන්තොටුපොළේ සිට දකුණු නැගෙනහිර චීන වෙරළ ආසන්නයේ නැගෙනහි කින්මන් දූපත්වෙත පියාසර කරමින් තිබිණි.

___---0000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000001 ___---000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000001