IMG-LOGO

2025 ජුනි මස 17 වන අඟහරුවාදා


තායි අගමැති පුටුවට රජ කුමරියක් තරග වදී

තායිලන්ත රජු මහා වජීරලොන්කෝන්ගේ වැඩිමහල් සොහොයුරිය වන රාජකන්‍යා සිරිවදාන බර්නවාදි කුමරිය ඊළඟ අගමැති තනතුර සඳහා තරග වැදීමට ඉදිරිපත් වී තිබේ.

තායිලන්ත මහමැතිවරණය ලබන මාර්තු 24 වැනි දා පැවැත්වීමට නියමිතය. කුමරිය තායි රක්සා චාට් පක්ෂයෙන් අගමැති ධූරය සඳහා තරග වැදීමට ලියාපදිංචි වී ඇත. 1970 දී ඇය රාජකීය ධූරයෙන් ඉවත්වී තිබේ.

තායිලන්ත රාජකීයන් දේශපාලනයට පිවිසිම විරල සිද්ධියක් වේ. මෙය තායිලන්ත දේශපාලන ඉතිහාසයේ වැදගත් සන්ධිස්ථානයක් වනු ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

රාජකන්‍යා කුමරිය තායිලන්තයේ හිටපු රජු භූමිබෝල් අදුල්යාදේජ් හා සිරිකිත් රැජනගේ පළමු දරුවා වේ. ඇය වර්ෂ 1951 ස්විස්ටර්ලන්තයේ දී උපත ලැබුවාය.

තායිලන්තයේ වර්තමාන අගමැති ප්‍රියුත් චාන් ඔචා මහතා ද මහමැතිවරණය සඳහා ඉදිරිපත් වන බව ප්‍රකාශ කළේය.

බීබීසී ඇසුරෙනි

(28535)



අදහස් (0)

තායි අගමැති පුටුවට රජ කුමරියක් තරග වදී

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි. 2025 ජුනි මස 05 1567 0
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි.

රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්‍

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 553 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 626 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

Our Group Site