ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්ත මැතිවරණයේ ඡන්ද ගණන් කිරීම අද (4) උදෑසන ආරම්භ විය. අද සවස් වනවිට සියලුම ප්‍රතිඵල නිකුත් කිරීමට හැකිවනු ඇතැයි තමිල්නාඩු මැතිවරණ බලධාරීහු පවසති.

පළමුවෙන්ම, තැපැල් ඡන්ද ප්‍රතිඵල නිකුත් කිරීම ආරම්භ වුණු අතර, ආසන 67 ක බලය තහවුරු කර ගැනීමට බලයේ සිටින මහ ඇමැති එම්.කේ. ස්ටාලිංගේ ඩී.එම්.කේ පක්ෂය සමත් විය.

දෙවැනි ස්ථානයට පත් වූයේ රංගනයෙන් දේශපාලනයට පිවිසි සුපිරි නළු තලපති විජේගේ ‘තමිල්ග වෙට්රි කසාගම්’ නමැති නව දේශපාලන පක්ෂයයි. ‘තමිල්ග වෙට්රි කසාගම්’ පක්ෂය දිනූ ආසන ගණන 19 කි.

තමිල්නාඩුවේ ප්‍රධාන විපක්ෂය ලෙස සැලකෙන ඒ.අයි.ඒ. ඩී.එම්.කේ පක්ෂය ආසන 8 ක් දිනා ගැනීමට සමත් විය.