ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ 29 වැනි මහ ඇමතිවරයා වශයෙන් ඊඩප්පඩි කේ. පලනිස්වාමි මහතා ප්‍රාන්ත ආණ්ඩුකාරවරයා ඉදිරියේ අද (16) දිවුරුම් දුන්නේය.
ඒ අනුව කේ. පලනිස්වාමි මහතා 31 දෙනකුගෙන් යුතු ප්‍රාන්ත කැබිනට් මණ්ඩලයේ ප්‍රධානියා වශයෙන් කටයුතු කරනු ඇත.
කේ. පලනිස්වාමි මහතාගේ කැබිනට් මණ්ඩලයේ දෙවැනියා ලෙස දින්දිගුල් ශ්‍රී නිවාසන් මහතා කටයුතු කරනු වාර්තා වෙයි. කෙසේ වෙතත් හිටපු මහ ඇමති ඕ.පන්නීර්සෙල්වම්, මා ෆෝයි කේ. පාණ්ඩියරාජන් යන හිටපු ප්‍රාන්ත අමාත්‍යවරුන් නව කැබිනට් මණ්ඩලයට පත් කර නැතැයිද ඉන්දීය මාධ්‍ය වාර්තා කළේය.
කැබිනට් මණ්ඩලය ද සමඟ මෙම දිවුරුම් දීමේ ක්‍රමය හඳුන්වනු දෙනු ලැබුවේ තමිල්නාඩු ප්‍රාන්තයේ හිටපු මහ ඇමතිනි ජයලලිතා ජයරාම්ය. ජයලලිතා ජයරාම්ගේ සමීපතම ආධාරකාරිනිය වූ සසිකලා නටරාජන්ට සිර දඬුවම් නියම වූ සැණින් අන්නා ද්‍රවිඩ මුනේත්‍ර කලහම් පක්ෂයේ නායකත්වයට පත්වූයේ ද කේ. පලනිස්වාමිය මහතාය.
පක්ෂයේ මහලේකම් සසිකලා නටරාජන්ට මහත්මියට සිර දඬුවම් නියම වූ අවස්ථාවේදීම ඕ.පන්නීර්සෙල්වම් මහතා ඇතුළු විසි දෙනකු පක්ෂයෙන් නෙරපීමට ඇය නියෝග කළාය.
අයථා ලෙස මුදල් උපයාගැනීමේ චෝදනාවලට සසිකලා නටරාජන් මහත්මියට වසර හතරක සිර දඬුවමක් නියම වූ අතර වසර දහයක කාලයක් ඇයට දේශපාලනයේ නිරත වීමට අවස්ථාව නොලැබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd