ශ්‍රී ලංකාව භාරයේ ඇති තම බෝට්ටු හා ආම්පන්න යළි ලබාදෙන ලෙස බල කරමින් පම්බන් පාලම අත්පත් කරගැනීමට සැළසුම් කර සිටි තමිල්නාඩු ධීවර සමිති 11 ක සාමාජිකයෝ පිරිසක් ඉන්දියා බළධාරීන්ගේ ඉල්ලීම් හමුවේ එම සැළසුම අත්හැර දැමුහ.
ඉන්දියාවේ ප්‍රධාන භූමිය හා පම්බන් දුපත යා කෙරෙමින් ඉදිකර ඇති පම්බන් පාලම අවහිර කළහොත් රාමේෂ්වරමට වෙත පැමිණෙන වන්දනා කරුවන් මහත් අපහසුතාවයකට පත්වනු ඇතැයි ඉන්දියා බලධාරීන් ධීවර පිරිසට පෙන්වා දී ඇත.
ඒ අනුව තමන් පාලම අත්පත් කර ගැනීමට සිටි සැළසුම ඉවත් කර ගත් බව ධීවර සමිති නායකයෙකු වන පී.සෙසු රාජා පැවසීය.
සුපුරුදු පරිදි ජීවිකාවේ යෙදීමට තම බෝට්ටු ලබාගැනීම අත්‍යාවශ්‍ය වුවත් එසේ යැයි කියා කිසිවෙකුගේවත් නිදහසට අවහිර කිරීමට හෝ ගැටලු ඇතිකිරීමට හෝ තමන් කිසිවෙකුටත් වුවමනාවක් නැතැයි ඔහු කීය.
අත්අඩංගුවට ගත් තමිල්නාඩු ධීවරයින් නිදහස් කිරීමට කටයුතු කළද ඔවුන්ගේ බෝට්ටු 62 ක් තවමත් ඇත්තේ ශ්‍රී ලංකාව භාරයේය.
මෙම බෝට්ටු ලබාදෙන ලෙස ශ්‍රී ලංකාවට බල කරන්නැයි ඉන්දියා බළධාරීන්ගෙන් ඉල්ලා තමිල්නාඩු ධීවරයෝ පසුගිය ජූලි මස 24 දා සිටම වැඩ වර්ජනයක නියැළී සිටිති.
මේ සම්බන්ධයෙන් වගකිවයුත්තන් හා සාකච්ඡා ලබන සතියේ ආරම්භ කරන බව ධීවර සමිති නියෝජිතයෝ කියති.
පසුගියදා මේ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට ශ්‍රී ලංකාවට පැමිණි ඉන්දියා දුත පිරිස ගැන තමන්ගේ ඉහළ විශ්වාසයක් තිබුණු බවද නමුත් අවසානයේ එයින් ලැබුණු දෙයක් නැති බවද ඔවුහු පවසති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ මන්දන්නේ නැහැ (දී)
අපේ දොස්තර වර්ජන වලට වඩා මානුෂිකයි වගේ. (නි)
හරි හරි අන්දන්න ඕන නැහැ අපි බෝට්ටු ටිකත් දෙන්නම්කො , හැබැයි ගොයියො නැවත මේ පැත්තේ ඇවිත් මාට්ටු වුණොත් නම් ඉතින් සොරිම තමයි (අ)
ඕවට රටේ නීතිය මගින් නිසි ක්‍රියාමාර්ග අරගෙන නිදහස් කරාවි. (නි)