හිටපු ඉන්දීය අග්‍රාමාත්‍ය රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් ජීවිතාන්තය දක්වා සිරදඩුවම් විඳින හිටපු එල්.ටී.ටී.ඊ. සාමාජිකයන් ඇතුළු 7 දෙනා නිදහස් කළ යුතු ද යන්න පිළිබදව තීරණය කිරීමට ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් නම් කර තිබේ.

රජිව් ඝාතනය සම්බන්ධයෙන් මුරුගන්, ශාන්තන්, ජයකුමාර්, පේරරිවාලන්, රොබට් පයස්, රවීචන්ද්‍ර සහ නලිනි යන 7 දෙනා බන්ධනාගාර ගතව සිටින්නේ වසර 23 ක සිටයි.

මොවුන් නිදහස් කරන ලෙස තමිල්නාඩු අධිකරණය තීන්දුවක් දුන්නේය.

මධ්‍යම රජය ඊට එරෙහිව ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණයට ඇපෑලක් කළේය.

ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල පත් කළේ ඉන් පසුවය.

හිටපු ඉන්දීය අග්‍රාමාත්‍ය රජිව් ගාන්ධි 1991 වසරේ මැයි 21 වනදා තමිල්නාඩුවේ ශ්‍රී පෙරුම්බුර් හිදී එල්.ටී.ටී.ඊ. මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් ජීවිතක්ෂයට පත්විය.