
බලවත් ආර්ථික අර්බුදයකට මුහුණපා සිටින පකිස්තානයට සහාය වීම සඳහා පකිස්තාන මහ බැංකුවේ තැන්පත් කර තිබෙන ඩොලර් බිලියන 3 ක තැන්පතුවේ කාල සීමාව දීර්ඝ කරන බව සෞදි මුදල් අමාත්‍ය අල් ජදාන් ප්‍රකාශ කළේය.
පකිස්තාන මහ බැංකුවේ තැන්පත් කර ඇති ඇමෙරිකා එක්සත් ජනපද ඩොලර් බිලියන 3 ක තැන්පතුවේ කාල සීමාව දීර්ඝ කිරීමේ අවසන් අදියරේ සිටින බව සෞදි මුදල් අමාත්‍ය මොහොමඩ් අල් ජදාන් රොයිටර්ස් පුවත් සේවයට පැවසීය.
පකිස්තානයේ විදෙස් සංචිත ඉහල නැංවීම සඳහා පසුගිය වසරේ සෞදි අරාබියාව ඩොලර් බිලියන 3 ක මුදලක් පකිස්තාන මහ බැංකුවේ තැන්පත් කළේය.
මැයි 1 වෙනි දින ඩොලර් බිලියන 3 ක තැන්පතුවේ කාල සීමාව දීර්ඝ කිරීමට ඇති හැකියාව පිළිබඳ සාකච්ඡා ආරම්භ කරන බව දෙරටේ නියෝජිතයන් ප්‍රකාශ කළේය.
ඉහළ උද්ධමන අනුපාතයෙන් පීඩා විඳින පකිස්තානයට භාණ්ඩ ආනයනය කිරීම සඳහා විදෙස් සංචිත තිබෙන්නේ මාස දෙකකට පමණක් වන අතර පකිස්තාන රුපියල අවප්‍රමාණය වීමද පකිස්තානය මුහුණපා සිටින බරපතල ගැටලුවකි.
පකිස්තානය විදෙස් සහාය අත්‍යාවශ්‍ය මොහොතක සිටියි.
(එන්.ඩී.ටීවී)
2025 නොවැම්බර් මස 04
533
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2259
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1688
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
තැන්පතුවේ කාල සීමාව දීර්ඝ කරයි