
බලවත් ආර්ථික අර්බුදයකට මුහුණපා සිටින පකිස්තානයට සහාය වීම සඳහා පකිස්තාන මහ බැංකුවේ තැන්පත් කර තිබෙන ඩොලර් බිලියන 3 ක තැන්පතුවේ කාල සීමාව දීර්ඝ කරන බව සෞදි මුදල් අමාත්‍ය අල් ජදාන් ප්‍රකාශ කළේය.
පකිස්තාන මහ බැංකුවේ තැන්පත් කර ඇති ඇමෙරිකා එක්සත් ජනපද ඩොලර් බිලියන 3 ක තැන්පතුවේ කාල සීමාව දීර්ඝ කිරීමේ අවසන් අදියරේ සිටින බව සෞදි මුදල් අමාත්‍ය මොහොමඩ් අල් ජදාන් රොයිටර්ස් පුවත් සේවයට පැවසීය.
පකිස්තානයේ විදෙස් සංචිත ඉහල නැංවීම සඳහා පසුගිය වසරේ සෞදි අරාබියාව ඩොලර් බිලියන 3 ක මුදලක් පකිස්තාන මහ බැංකුවේ තැන්පත් කළේය.
මැයි 1 වෙනි දින ඩොලර් බිලියන 3 ක තැන්පතුවේ කාල සීමාව දීර්ඝ කිරීමට ඇති හැකියාව පිළිබඳ සාකච්ඡා ආරම්භ කරන බව දෙරටේ නියෝජිතයන් ප්‍රකාශ කළේය.
ඉහළ උද්ධමන අනුපාතයෙන් පීඩා විඳින පකිස්තානයට භාණ්ඩ ආනයනය කිරීම සඳහා විදෙස් සංචිත තිබෙන්නේ මාස දෙකකට පමණක් වන අතර පකිස්තාන රුපියල අවප්‍රමාණය වීමද පකිස්තානය මුහුණපා සිටින බරපතල ගැටලුවකි.
පකිස්තානය විදෙස් සහාය අත්‍යාවශ්‍ය මොහොතක සිටියි.
(එන්.ඩී.ටීවී)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd