පාකිස්තානයේ ඇෆ්ගන් තානාපති නජීබ් අලික්හිල්ගේ දියණිය සිල්සිලා පැහැරගෙන යෑම සහ ඇයට හිරිහැර කිරීමේ සිදුවීම මුල්කොට ගනිමින්, ඇෆ්ගන් තානාපතිවරයා ඇතුළු තානාපති කාර්යාලයේ සියලු නිලධාරීන් ආපසු ඇෆ්ගනිස්තානයට ගෙන්වා ගැනීමට ඇෆ්ගන් රජය තීරණය කර තිබේ.
ඒ අනුව ඇෆ්ගනිස්තානයත් පාකිස්තානයත් අතර අර්බුදයක් නිර්මාණය වී ඇති අතර, ඇෆ්ගනිස්තානයේ සාම වැඩපිළිවෙළට එය දැඩි බලපෑම් එල්ල කරනු ඇති බව ජගත් දේශපාලන විශ්ලේෂකයෝ පෙන්වා දෙති.
පැහැර ගැනීමේ සිදුවීම සම්බන්ධයෙන් පුළුල් පරීක්ෂණයක් පවත්වන බවත්, ඊට සම්බන්ධ සියලු දෙනා වහා අත්අඩංගුවට ගන්නා බවත් පාකිස්තාන රජය පවසා ඇත.
(රොයිටර්)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd