ඇමරිකාවේ ගිනියා තානාපති ලී පුටුවක කකුලකින් ගැහැනු දරුවෙකුට පහරදී තුවාල සිදුකරනු ලැබ ඇතැයි සැකයක් ඇතත් ඔහුගේ තානාපති වරප්‍රසාද හේතුවෙන් අත්අඩංගුවට නොගත් බව ඇමරිකානු පොලිසිය උපුටා දක්වමින් බීබීසී පුවත් සේවය වාර්තා කරයි.
තානාපති රූබන් මයේ එන්සු මැන්ගුස්ගේ නිවසින් ඇමරිකාවේ වොෂින්ටන් නගරයට නුදුරු ආර්ලින්ටන් පොලිසියට ලැබුණු ඇමතුමක් අනුව ක්‍රියාත්මක වූ පොලීසියට හිසේ කැපුම් තුවාල හා සිරුරේ ස්ථාන කිහිපයක තුවාල සහිත ගැහැනු ළමයෙක් සොයාගත හැකි වූ බව පොලිස් ප්‍රකාශක ඩස්ටින් ස්ටෙම්බක් පවසයි.
පොලිස් ප්‍රකාශකවරයා පවසන්නේ තානාපතිවරයා මූළික සැකකරු බවයි. තුවාල ලැබූ දැරිය තානාපතිවරයාගේ දියණිය බව ද තහවුරු වී ඇත. ඇය වර්ජිනියා රෝහලට ගෙනගිය බව ද පොලිස් ප්‍රකාශකවරයා කීවේය.
‘‘ ගැහැනු ළමයාගේ හිසේ පැලුණු තුවාල තිබුණා. තැලීම් හා ඇස් ඉදිමී ගොස් තිබුණා. තානාපති වරප්‍රසාද හේතුවෙන් මේ සිද්ධියට අදාල තානාපතිට එරෙහිව අධිකරණ බලය හෝ අත්අඩංගුවට ගැනීමක් කළේ නැහැ. මේ ගැන අපි ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවට දැනුම් දී තිබෙනවා. “ යැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරත් කියා සිටියේය.
රාජ්‍ය දෙපාර්තමේන්තු නිලධාරියෙක් ප්‍රකාශ කැර ඇත්තේ මේ සම්බන්ධයෙන් ප්‍රාදේශිය අධිකාරිය සමග සම්බන්ධ වුව ද සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුරටත් සාකච්චා කිරීමට නොහැකි වු බවත්ය.
ගිනියාවේ තානාපති කාර්යාලය මේ සම්බන්ධයෙන් මෙතෙක් කිසිවක් ප්‍රකාශකැර නැත. ආර්ලින්ටන් පොලිස් ප්‍රකාශක ස්ටේන් බෙක් පවසන්නේ මෙවැනිම සිද්ධියක් සම්බන්ධයෙන් 2013 දී මේ නිවසේ තැනැත්තකු විසින් පොලිසිය කැඳවුව ද තානාපති වරප්‍රසාද හේතුවෙන් එම අවස්ථාවේ දී කිසිවෙකුට චෝදනා නැගීම හෝ අත්අඩංගුවට ගැනීම නොකළ බවයි.
2025 දෙසැම්බර් මස 18
585
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
289
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1089
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
තානාපති දූට පුටු කකුලෙන් ගහලා