IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


තනිකඩ නං සේවයෙන් දොට්ට

සේවක සේවිකාවන් තනිකඩව හෝ දික්කසාදව හෝ සිටින්නේ නම්, ඔවුන් සියලු දෙනා සේවයෙන් පහ කිරීමට සූදානම් වන සමාගමක් ගැන චීනයෙන් වාර්තා වේ.

තනිකඩ හෝ දික්කසාදව හෝ සිටින තම සේවක සේවිකාවන්ට විවාහ වීම සඳහා සමාගම එලැඹෙන සැප්තැම්බර් මාසය තෙක් කල් දී ඇති බවත්, සැප්තැම්බර් වනවිට විවාහ නොවන්නේ නම්, ඔවුන් සේවය හැර යා යුතු බවත් සමාගම පැහැදිලි කර ඇත.

මෙම අසාමාන්‍ය විදියේ තීරණය ගෙන ඇත්තේ, චීනයේ ෂැන්ඩොං ප්‍රාන්තයේ ‘ෂුන්ටියැං කෙමිකල් සමූහ ව්‍යාපාරය’ නමැති පෞද්ගලික සමාගමය.  චීනයේ ‘සවුත් චයිනා මෝනිං පෝස්ට්’ පුවත්පත වාර්තා කර ඇති අන්දමට, ‘ෂුන්ටියැං කෙමිකල්’ සමාගමේ 1,200 දෙනකු සේවය කරයි.

තමන් මෙවැනි තීරණයක් ගත්තේ, තම සේවක සේවිකාවන් සියලු දෙනා හොඳින් රාජකාරී කර පවුලක් වශයෙන් ස්ථාපිත විය යුතු යැයි විශ්වාස කරන නිසා යැයි සමාගමේ ප්‍රධානීහු පැහැදිලි කර ඇත.

ඒ අනුව, දික්කසාද වූවන් ද ඇතුළුව වයස අවුරුදු 28-58 අතර තනිකඩ සේවකයන්ට මේ වසරේ සැප්තැම්බර් මාසය අවසන් වන විට විවාහ විය යුතු වන අතර, එය කළ නොහැකි නම්, එම සේවක සේවිකාවන්, සාධාරණ ආකාරයට, විවාහ වී තනිකඩව සිටින්නේ ඇයිදැයි පැහැදිලි කරමින් ලිපියක් ඉදිරිපත් කළ යුතු බව ද සමාගම වැඩි දුරටත් පවසා ඇත.

කෙසේ නමුත්, ලැඹෙන ජූනි මාසය වෙද්දී විවාහ වන අයට වෙනුවෙන් විශේෂ ඇගයීමක් කරමින් ඔවුන් ගැන විශේෂ අවදානයක් යොමු කරන බව ද සමාගම පැහැදිලි කර ඇත.

(සවුත් චයිනා මෝනිං පෝස්ට්)



අදහස් (0)

තනිකඩ නං සේවයෙන් දොට්ට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 687 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 553 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 448 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site