ඇමරිකාවේ ලොස් ඇන්ජලිස්හි නර්තනාචාර්ය ප්‍රසන්න යමසිංහ ප්‍රමුඛ ‘තත් ජිත්‘ නර්තන ඇකඩමියේ සිසුන් ශිල්ප දක්වන ‘තත්ජිත් ශිල්ප දැක්ම‘ හා කස්තිරම දොරට වැඩුම මේ මස 14 වැනි දා පස්වරු 5.30 ට ලොස් ඇන්ජලීස් නුවර ටොරෙන්ස් හිදී පැවැත්වීමට නියමිතය.
දෙවසරකට ආසන්න කාලයක් තිස්සේ මෙරට නර්තන කලාවත්, ඒ හා බැදි දේශීය සාරධර්ම ලක් දරුවනට උගන්වන තත් ජිත් ඇකඩමිය සාම්ප්‍රදායික නර්තනයේ නව මංමාවත් ලොස් ඇන්ජලීස් පුරයට විවර කැර ඇත. ඇමරිකාවේ රණවිරු පදනමේ අනුග්‍රාහකත්වයෙන් හා සංවිධානයෙන් පැවැත්වෙන මෙම ශිල්ප දැක්වීමට උඩරට, පහතරට නර්තන සම්ප්‍රදායෙන් සැකසුණු නර්තානාංග ජන නැටුම් ආදී රංග ගත වීමට නියමිතය.
ලොස් ඇන්ජලීස් විශ්ව විද්‍යාලයේ ව්‍යාපාරික පරිපාලන පිළිබඳ ශාස්ත්‍රපති උපාධීය හදාරන අතර ඔහු නැටුම් පාසල ඇරඹීය.
ඔහුගේ බිරිය කුමාරි ද මේ අවස්ථාවට එක් වෙයි.
තත් ජිත් ශිල්ප දැක්මට සහෝදර නර්තන ශිල්පනියන් දහදෙනෙකු සමඟ එක්ව සාදා ගත් කස්තිරම නර්තන කණ්ඩායමත් ලොස් ඇන්ජලීස් හි ප්‍රථම වරට වේදිකාවට එන බව ප්‍රසන්න කියයි.
‘‘තත්ජිත් නර්තන ඇකඩමියෙන් අපේ දරුවන්ට උගන්වන්නේ හුදෙක් නර්තන රීති පමණක් නොවෙයි. ඉන් උත්පාදනය වන නාද සහ තාල රටා මඟින් සංයමය, සංවේදි බව , මානව දයාව ජනිත කරවන භාව ප්‍රකාශනය ලබාදෙනවා . එවැනි අගනා ගුණාංග වලින් සපිරි උඩරට නැටුම් කලාව එක්සත් ජනපදවාසි ලාංකික සම්භවයක් සහිත නවීන තාක්ෂණ දැනුමෙන් පොහොසත් දරුවන්ට ඉගැන්විමෙන් යහපත් පුරවැසියන් ලෙස අනාගතයට පිවිසෙන්නට පදනම සකස් කරදිම මගේ අරමුණයි. ‘‘
ඇමරිකා රණවිරු පදනමේ සභාපති පියල් මාතරආරච්චි මෙසේ පැවසීය.
“ලංකාවේ පැවති යුද්ධයට කැපවුණු රණිවරුවන්ගේ සුබසාධනය වෙනුවෙන් ආරම්භ කළ “ඇමරිකාවේ රණවිරු පදනම” මිට පෙර කීපවතාවක්ම ත්‍රිවිධ හමුදාවේ සංස්කෘතික කණ්ඩායම් ගෙන්වා සංස්කෘතික සංදර්ශන පවත්වා එමගින් ඉපයු ලාභය මෙතෙක් කල් අපි ලබා දුන්නේ රණවිරුවන්ටමයි.” මෙම ශිල්ප දැක්මෙන් උපයා ගන්නා සියලුම ආදායම් වලින් අවම වශයෙන් නිවාස 10 ක්වත් ලංකාවේ රණවිරුවන්ට ප්‍රදානය කිරිම ඇමරිකාවේ රණවිරු පදනමේ අභීප්‍රායයි.‘‘



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හෙළ කලාකරුවනි, සිංහල අපට ඔබගේ රැඟුම් මහත් ආඩම්බරයකි. (නි)
සුබ පැතුම්! (නි)
ඔබට අපේ සුබ පැතුම්! (නි)