කුඩා පිස්තෝල දෙකක් රැගෙන පැරිස් ඩිස්නිලන්තයේ හෝටලයකට ඇතුළු වන්නට ආ මිනිසකුට එරෙහි පැරිස් පොලිසිය නඩු පවරා ඇත. යුරෝපයේ ළමා සිහින ලෝකයේ විශ්මිත උද්‍යානයක් ලෙස සැලකෙන ඩිස්නිලන්තයට ගිය වසරේත් එක් කෝටි හතළිස් අට ලක්ෂයක් දෙනා ඇදී ආහ. විසිඅට හැවිරිදි මේ මිනිසාට එරෙහිව අවි හා උණ්ඩ ළඟ තබා ගැනිම හා ප්‍රවාහනය කළැයි නඩු පවරා ඇත. ඔහු වැරදිකරු වුවහොත් යුරෝ 75000 (රුපියල් 11,806,612.50) දඩයක් නියම කෙරෙනු ඇත. පැරිස් නුවරින් කිලෝමීටර් 32 ක් නැගෙනහිරින් විශ්මයජනක ඩිස්නිලන්තය පිහිටියේය.
මරාගෙන මැරෙන තුවක්කුකරුවන් පසුගිය නොවැම්බරයේ පැරිසියට පැන ප්‍රංශ වැසියන් 130 දෙනෙකු ඝාතනය කිරිමෙන් පසුව ප්‍රංශය පුරාම දැඩි ආරක්ෂාව යොදා තිබිණි.
පොලිසිය පවසනුයේ එම මිනිසා ත්‍රස්තවාදී ක්‍රියාවක් සම්බන්ධයෙන් වරදක් කර නැති බවයි. ප්‍රශ්න කිරිමේ දී ඔහු පවසා ඇත්තේ ස්වංක්‍රීයව ක්‍රියාකරන පුංචි පිස්තෝල දෙක මවගේ ගෙදර නොතබා කාරයේ දමාගෙන ආ බවයි. තමාගේ ජිවිතයට තර්ජනයක් ඇති නිසා පිස්තෝල දෙක ළඟ තබා ගත් බව තවත් ප්‍රකාශයකින් ඔහු කියා ඇත. ඔහුගේ පෙම්වතිය වරදක් කර නැති හෙයින් ඇයට චෝදනා ගොනු නොකළ බව ප්‍රංශ පොලිසිය කියයි.
වසර පුරාම දින 365 ම විවෘතව ඇති පැරිස් ඩිස්නිලන්තය පසුගිය නොවැම්බර් මස දින පහක් වසා තැබීමට සිදුවූයේය. ඒ ප‍්‍රථම වතාවටය.ආරක්ෂක විධි විධාන එක් කිරීමෙන් පසු නැවත වරක් ඩිස්නිලන්තය මහජනයා සඳහා විවෘත වූයේය. දැඩි ශීත කාලයක වුවද අවම ලෙස දිනකට පනස්දාහක් පමණ සංචාරකයෝ ඩිස්නිලන්තයේ සැරිසරති. ඔවුන් අතරට ලෝකයේ විවිධ ජාතීන් විශාල ප‍්‍රමාණයක් ඇතුළත් වේ. පැරීසියේ මෙන් මරාගෙන මැරෙන ත්‍රස්ත ප‍්‍රහාරයක් ඩිස්නිලන්තයේ සිදු වුවහොත් විවිධ ජාතීන් විශාල ප‍්‍රමාණයකට හානි ඇතිවීම නොවැළැක්විය හැකි බැවින් පැරීසියේ ඩිස්නිලන්තය ත‍්‍රස්තවාදි කණ්ඩායම් වලට හොඳ ඉලක්කයක් කර ගැනීමට බොහෝ සෙයින් ඉඩකඩ ඇත්තේය. මේ හේතු කොට අදවන විට දැඩි ආරක්ෂක වළල්ලකට මැදි කොට විවිධ තාක්ෂණික උපකරණ භාවිතා කරමින් ඩිස්නිලන්තය ආරක්ෂා කිරීමට රෑ දවල් නොතකා වෙහෙසෙති.
මෙවැනි පරිසරයක පසුගිය 28 වැනි බ‍්‍රහස්පතින්දා ඩිස්නිලන්තයට අයත් හෝටලයක කාමරයක් වෙන් කරවා ගෙන පැමිණි තරුණ යුවළක් පිස්තෝලයක් හා ස්වයංක‍්‍රීය තුවක්කුවක් හා කුරානය සඳහන් කුඩා පොතක්ද සමඟ අත් අඩංගුවට ගනු ලැබුහ.
පැරීසියෙන් කුලියට ගත් වාහනයකින් පැමිණි යුවළ ඩිස්නිලන්තයේ නිව්යෝර්ක් හෝටලයට පැමිණියාහ. ප‍්‍රධාන ගේට්ටුවේදි වාහන පරීක්ෂාවෙන් පසු ආරක්ෂකයෝ ඔවුනට ඇතුළුවීමට අවසර දුන්හ. ඔවුන් සතු ගමන් මලූ සමඟ හෝටලයට ඇතුළු වීමට නැවත වරක් ආරක්ෂක කපොල්ලක් පසු කළ යුතුය. එම ස්ථානයේ ඇති ගමන් මලූ පරීක්ෂණ යන්ත‍්‍රයට ඔවුන්ගේ ගමන් මලූ විවෘත කොට පෙන්වීමට ඔවුන්ට සිදුවුයේය. එහිදී ඉහත ආයුධ සොයා ගැනීමට හැකිවිය. ඔවුන් අත් අඩංගුවට ගැනීමට සූදානම් වෙද්දී සැකකාර යුවළේ කාන්තාව අතුරුදන් වූයේය. කෙසේ නමුදු ඉන්පසු ඇගේ නිවසේදි ඇය අත් අඬංගුවට ගැනීමට ප‍්‍රංශ පොලීසිය සමත් වුයේය.
මුස්ලිම් ආගම වැළඳගත් සැකකාර තරුණයා පැරීසියේ ආපන ශාලාවක දෙවැනි හිමිකරු බවත්, ඔහුගේ ආරක්ෂාවට එම ආයුධ ළඟ තබා ගත් බවත් ඔහුගේ පොලිස් ප‍්‍රකාශයේ සඳහන් වේ. නමුත් විශේෂ අවසරයකින් තොරව ගිනි අවි ළඟ තබා ගැනීම ප‍්‍රංශයේ සපුරා තහනම්ය. ප‍්‍රංශ රහස් පරීක්ෂකයන් සතු අන්තවාදි ත‍්‍රස්තවාදි ලැයිස්තුවට ඔහු ඇතුළත් නොවන බව ආරක්ෂක අංශ පවසයි. ඔවුන් පැමිණි වාහනය සමඟ සැකකාර යුවළ ප‍්‍රංශ පොලිස් අත්අඩංගුවේ පසු වෙති. ඔවුන් ගැන වැඩිදුර පරීක්ෂණ සිදුවන අතර එම යුවළ කුමන ජාතියකට අයත් වූවන්ද යන්න මේවන විටත් හෙළි කර නොමැත.
පැරීසියේ ඩිස්නිලන්තය අද දැඩි ආරක්ෂක කපොලූ වලින් පිරුණු ස්ථානයක් බවට පත්වී ඇත්තේය.
![disneyland_hotel_newyork[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/02/disneyland_hotel_newyork1.jpg)
![disneyland-paris[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/02/disneyland-paris1.jpg)
![Garde-a-vue[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/02/Garde-a-vue1.jpg)
![hoteldu_disneyland-paris[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/02/hoteldu_disneyland-paris1.jpg)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අරාබිකරය කොතරම් භෞතිකව දිඋනු උනත්, යුරොපියන්ගේ හසල දැනුම ,සමානාත්ම තාවය නිහතමානිබවට ලංවෙන්න නම්... ඔවුන්ට වෙනස් වෙන්නට සිදු වෙනවා. (ර)
පැරිසියේ ඩිස්නිලන්තය වැසූ පළමු අවස්ථාව මෙය නොවෙයි.මේ දෙවැනි අවස්ථාවයි.1999 දෙසැම්බර් 27 දා පැරිසියේ ඩිස්නිලන්තය වසා තැබුවා. ඒ කලින් දින රෑ ප්‍රංශය හරහා හමාගිය දරුණු කුණාටුව නිසා. (ර)
සල්ගාදු පැරිස්, මම නොකියා කිව්වේ අපේ කලාකාමී සුනිල් මහතා ගැන තමයි. ඩිස්නිලන්තය බැලීමට යන ලාංකිකයන් බොහෝ දෙනෙකුට උදව් කරන හිත හොඳ කෙනෙක් සුනිල්. (නි)
සල්ගාදු - පැරිස්, කරුණාකර නොදන්නා දේවල් ලියන්න එපා. (නි)
මෙයට ලියන සුනිල් ආනන්ද පවා දිස්නිලන්තයේ හෝටලයක රෙස්ටුරන්ට් එකක දස්කම් පාන කෝකියෙක් . එනිසා මොහු විස්තර දන්නවා මෙයා ගැන (බ)
මෙයා පළපුරුදු ඉහළ පෙළේ කෙනෙක් (බ)
ඩුබායි වල ඩිස්නිලන්තය ඇරපු දාට මේක වහන්න වෙනවා. පැරිස් දිස්නිලන්තයේ ලංකාවේ ගොඩක් අය වැඩකරනවා මා දැක ඇත. (ර)
පිටිගල මිලානෝ මහත්තයාගේ හීනය සැබෑවෙයිද බලමු (නි)
චන්ද්‍රා පැරිස්, මම වැරදි නම් ඔබ දන්නා දෙය ලියන්න. (නි)