ඕස්ට්‍රේලියාවට වසන්තය උදා වීමත් සමග මෙම සැප්තැම්බරයේසිඩ්නි නුවර ක්‍රීඩා ලෝලීන් බලා සිටිනුයේ වසර හතරකට වරක් පවත්වන ඩේවිස් කුසලාන ටෙනිස් තරගාවලියේ දී තම රටේ ක්‍රීඩකයන්ගේ දක්ෂතා දැකගැනීමටයි. මෙවර සත්කාරක රට වන ඕස්ට්‍රේලියාව සමග තරඟවදින්නෝ ස්ලොවැකියා ටෙනිස් ක්‍රීඩකයෝය. ආරාධිතයන් සමඟ උරෙන් උර ගැටෙන මෙම තරගාවලිය කෙන් රොස්වෝල් ක්‍රීඩා භූමියේ දී ලබන 16 වැනිදා සිට18 දක්වා තෙදින පුරා පැවැත්වෙයි.
ඇමරිකා එක්සත් ජනපදය හා මහා බ්‍රිතාන්‍ය අතර වර්ෂ 1900 දී පළමු ටෙනිස් තරඟාවලිය ආරම්භ වූයේ බොස්ටන් ලොන්ග්වුඩ් ක්‍රිකට් ක්‍රීඩා සමාජ පිටියේ දී ‘බ්‍රිට්ෂ් අයිලෙස්‘ යන නමිනි. ඩේවිස් කුසලානය යන නම වඩාත් යෝග්‍ය වන බව පළමු තරඟයට වසරකට කලින් හවාඩ් විශ්ව විද්‍යාල ටෙනිස් කණ්ඩායමේ සාමාජිකයින් සතර දෙනෙක් යෝජනා කිරීමට බලාපොරොත්තු වූහ. කෙසේ වුවද මුල් කාලයේ පටන් මෙම ක්‍රීඩාව හැඳින් වූයේ ‘ඉන්ටර්නැෂනල් ලෝන ටෙනිස් චැලේන්ජ්‘ ලෙසයි.
ඩේවිස් කුසලාන ටෙනිස් තරගාවලියේ දී ඕස්ට්‍රේලියා ස්ලොවැකියාවට එරෙහිව තරග වදින පළමු අවස්ථාව මෙය වෙයි. මේ වන විටත් මෙම වසරේ ජූලියේ ටෙනිස් ශ්‍රේණිගත කිරීමේ සටහනේ අනු පිළිවෙළ අනූව ඕස්ට්‍රේලියාව දසවැනි ස්ථානයේත් ස්ලෝවැකියාව දාහත්වැනි ස්ථානයේත් පසුවන්නේය.
මෙම තරගාවලියේ දී විශේෂ සත්කාරයක් පිළිගැන්වීමට ඕස්ට්‍රේලියා ටෙනිස් සංවිධායකයෝ ද අනුග්‍රාහකයෝ ද බලාපොරොත්තු වෙති. එදා මෙදා ඕස්ට්‍රේලියා ටෙනිස් ක්‍රීඩාවේ ස්ථම්භය බවට පත් කෙන් රෝස්වෝල් ඇගයීමයි. ඒ මෙම ක්‍රීඩකයා 1953, 1955,1956 සහ 1973 යන වසර වල තම ජවය මනාවට විද්‍යාමාන කරමින් ටෙනිස් ශූරතාවය ජයගත් අතර අද ඔහු අසූඑක් හැවිරිදි වියේ පසුවන්නේය.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඊටත් වඩා අපි බලාගෙන ඉන්නේ ඕස්ට්‍රේලියාවේ ප්‍රධාන පුවත්පතක් වන සිඩ්නි මෝනින් හෙරල්ඩ් පත්‍රය කියන කතාව. (නි)