IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


ඩවුනිං වීදියට අලුත් බළල් සුරතලෙක්

ලන්ඩන් නුවර, ඩවුනිං වීදියේ, අගමැති නිල නිවසට තවත් අලුත් බළල් පැටවකු ගෙන ඒමට බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය ශ්‍රීමත් කියෙර් ස්ටාර්මර් පියවරගෙන ඇත. මෙය අගමැති නිල නිවසේ වසර ගණනක් තිස්සේ වාසය කරන බළල් සුරතලා ලැරීට තර්ජනයක් වී ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි.

බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය ශ්‍රීමත් කියෙර් ස්ටාර්මර් සහ ඔහුගේ පවුලේ සාමාජිකයන් අතරට අලුතින් එක් වුණු මෙම බළල් පැටියා සයිබීරියානු බළල් පැටියකු බවත්, ‘ප්‍රින්ස්’ යනුවෙන් ඌ නම් කර ඇති බවත් වාර්තා වේ. මේ වනවිටත් ‘ජෝජෝ’ යනුවෙන් තවත් බළල් සුරතලකු ද බි්‍රතාන්‍ය අග්‍රාමාත්‍ය ශ්‍රීමත් කියෙර් ස්ටාර්මර් සහ ඔහුගේ පවුලේ අයට සිටී. ‘මගේ දරුවන්ට මුලින් ඕනෑ වුණේ බලු සුරතලෙක්. ඒත් ප්‍රින්ස් දැක්කාව එයාලට විතරක් නොවෙයි, මටත් ආසා හිතුණා. ප්‍රින්ස් කියන්නේ පුළුන් බෝලයක්’ යැයි අග්‍රාමාත්‍ය ස්ටාර්මර් පැහැදිලි කර ඇත. 

කෙසේ නමුත්, ‘ජෝජෝ’ මෙන්ම, ඩවුනිං වීදියට ගෙනා මෙම අලුත් බළල් පැටියා ‘ප්‍රිනිස්’ ද අගමැති නිල නිවසේ වසර දහකට ආසන්න කාලයක් වාසය කරන ‘ලැරී’ නමැති බළල් සුරතලාට තර්ජනයක් වී ඇතැයි පැවැසෙයි. බි්‍රතාන්‍ය මාධ්‍ය පවසන්නේ, ‘ලැරී’, ‘ජෝජෝ’ සහ ‘ප්‍රිනිස්’ එකිනෙකා මඟ හැරීමට උත්සහ ගනිමින් සිටින බවය.

ලැරී ඩවුනිං වීදියේ අගමැති නිල නිවසට ගෙන ඒම සිදුවූයේ 2011 වසරේදීය. ඒ, මී කරදරවලට විසඳුමක් ලෙසය. ඉන්පසු අග්‍රාමාත්‍යවරුන් ගණනාවක් අගමැති නිල නිවසට පැමිණියත් පිටවී ගියත්, ලැරී දිගටම නිල නිවසේ රැඳී සිටියේය.  



අදහස් (0)

ඩවුනිං වීදියට අලුත් බළල් සුරතලෙක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 181 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 158 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 961 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site