මුහුදු ගමනේ යෙදෙන්නන්ගේ මිතුරකු ලෙස පිළිගන්නා ඩොල්ෆින් මහ සයුරේ පිහිනා ගොස් ඇත්තේ මෙතෙක් සිතා සිටියාට වඩා වසර මිලියන හයකට පමණ පෙරාතුව බව නවතම අධ්‍යයනයකින් පෙන්වා දෙයි.
එවැනි කාලයකට දිවයන අතීතයක් ඇති පිහිනා යන සතුන් අතර ඩොල්ෆින් මෙන් ම මාරක තල්මසා ද සිටියි. මේ සම්බන්ධ සැකයක් විද්වතුන් අතර පැවතිය ද කලින් විකසනය වූ පොසිල වාර්තා සොයාගත නොහැකි වූ බැවින් එය රහසක් ව පැවතිණි. පසුගිය දා ඩොල්ෆින්ගේ පැරණි පොසිල සොයා ගැනීමත් සමග ඒ සැකය තහවුරු වී ඇත. ඔවුන්ගේ පැරණිත ම සාමාජිකයා ඉඔඩෙල්පිස් කබටෙන්සිස් ලෙස නම්කැර තිබේ.
ඒ ඩොල්ෆින් පටු නාසයක් ඇති සත්ත්වයෙකි. ඔවුන් සාමාජිකයන් 10 සිට 30 දක්වා වූ රංචු වශයෙන් ජීවත් වන්නට ඇතැයි පැවසේ. ඇතැම් විට මේ රංචු තනි ඩොල්ෆින්ගේ සිට 1000ක් පමණ දක්වා වැඩි විය හැකියැයි ද විද්‍යාඥයන්ගේ මතයයි.
මේ පොසිලය සොයාගෙන ඇත්තේ ජපානයේ හයිඩෝහි පිහිටි ඔෂිෂරිකා ගංඟාවේ අතුගංඟාවකිනි. එම පොසිලයේ වයස මයොසීන යුගයේ අවසන් කාලයට වඩා වසර මිලියන 13 සිට 8.5 දක්වා කාලයට අයත්වන බවත් තහවුරු කරගෙන ඇත.
නව අධ්‍යයනයේ ප්‍රධානී මුසුකි මුරකාමි පවසන්නේ නියම ඩොල්ෆින්ගේ කලින් පරිනාමය තවමත් අභිරහස්ක්ව පතින බවයි.
‘‘ මෙතෙක් සොයාගෙන තිබූ පැරණිතම ඩොල්ෆින් පොසිල සොයාගත්තේ වසර මිලියන හයකට වඩා අඩුවෙන්. ඒ අතරම අණුක අධ්‍යයනයෙන් යෝජනා කර සිටින්නේ ඩොල්ෆින්ගේ ආරම්භය සහ වෙනස්වීම වසර මිලියන නමයත් දොළහත් අතර සිදුවූ බවයි. “ යනුවෙන් මුරකාමි කියා ඇත.
නිව්යෝර්ක් හි තාක්ෂණික විද්‍යාලයේ මුහුදු ක්ෂීරපායීන්ගේ පාෂාණි ධාතු විද්‍යාඥ ජොනතන් ගෙයිස්ලර් පවසන්නේ ඒඔඩෙල්පිස් කබටෙන්සිස් සොයාගනු ලැබ ඇත්තේ වසර මිලියන අටක සිට මිලියන 13ක් දක්වා අවසාධිත වූ ප්‍රක්ෂිප්ත වලින් බවයි.
ඔවුන් මේ පර්යේෂණ අනුව පවසන්නේ ඩොල්ෆින්ගේ මූලාරම්භය පැසිපික් සාගරයේ සිදුවන්නට ඇති බවයි.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉතාමත් වැදගත් ලිපියක්. (ස)
ඉතාමත්ම වැදගත් සොයාගැනීමක්. සාමාන්‍යයෙන් මේ කාලය ශුද්ධ වූ ආගමික ග්‍රන්ථ වල සඳහන් පරිදි සර්වබලධාරි දෙවි කෙනෙක් ලෝකය මවන්නත් බොහෝ කලකට පෙරයි. එහෙමනම් කවුද මේ ඩොල්ෆින්ලා මැවුවේ? (නි)
හොඳ ලිපියක් (නි)