මුහුදු ගමනේ යෙදෙන්නන්ගේ මිතුරකු ලෙස පිළිගන්නා ඩොල්ෆින් මහ සයුරේ පිහිනා ගොස් ඇත්තේ මෙතෙක් සිතා සිටියාට වඩා වසර මිලියන හයකට පමණ පෙරාතුව බව නවතම අධ්‍යයනයකින් පෙන්වා දෙයි.
එවැනි කාලයකට දිවයන අතීතයක් ඇති පිහිනා යන සතුන් අතර ඩොල්ෆින් මෙන් ම මාරක තල්මසා ද සිටියි. මේ සම්බන්ධ සැකයක් විද්වතුන් අතර පැවතිය ද කලින් විකසනය වූ පොසිල වාර්තා සොයාගත නොහැකි වූ බැවින් එය රහසක් ව පැවතිණි. පසුගිය දා ඩොල්ෆින්ගේ පැරණි පොසිල සොයා ගැනීමත් සමග ඒ සැකය තහවුරු වී ඇත. ඔවුන්ගේ පැරණිත ම සාමාජිකයා ඉඔඩෙල්පිස් කබටෙන්සිස් ලෙස නම්කැර තිබේ.
ඒ ඩොල්ෆින් පටු නාසයක් ඇති සත්ත්වයෙකි. ඔවුන් සාමාජිකයන් 10 සිට 30 දක්වා වූ රංචු වශයෙන් ජීවත් වන්නට ඇතැයි පැවසේ. ඇතැම් විට මේ රංචු තනි ඩොල්ෆින්ගේ සිට 1000ක් පමණ දක්වා වැඩි විය හැකියැයි ද විද්‍යාඥයන්ගේ මතයයි.
මේ පොසිලය සොයාගෙන ඇත්තේ ජපානයේ හයිඩෝහි පිහිටි ඔෂිෂරිකා ගංඟාවේ අතුගංඟාවකිනි. එම පොසිලයේ වයස මයොසීන යුගයේ අවසන් කාලයට වඩා වසර මිලියන 13 සිට 8.5 දක්වා කාලයට අයත්වන බවත් තහවුරු කරගෙන ඇත.
නව අධ්‍යයනයේ ප්‍රධානී මුසුකි මුරකාමි පවසන්නේ නියම ඩොල්ෆින්ගේ කලින් පරිනාමය තවමත් අභිරහස්ක්ව පතින බවයි.
‘‘ මෙතෙක් සොයාගෙන තිබූ පැරණිතම ඩොල්ෆින් පොසිල සොයාගත්තේ වසර මිලියන හයකට වඩා අඩුවෙන්. ඒ අතරම අණුක අධ්‍යයනයෙන් යෝජනා කර සිටින්නේ ඩොල්ෆින්ගේ ආරම්භය සහ වෙනස්වීම වසර මිලියන නමයත් දොළහත් අතර සිදුවූ බවයි. “ යනුවෙන් මුරකාමි කියා ඇත.
නිව්යෝර්ක් හි තාක්ෂණික විද්‍යාලයේ මුහුදු ක්ෂීරපායීන්ගේ පාෂාණි ධාතු විද්‍යාඥ ජොනතන් ගෙයිස්ලර් පවසන්නේ ඒඔඩෙල්පිස් කබටෙන්සිස් සොයාගනු ලැබ ඇත්තේ වසර මිලියන අටක සිට මිලියන 13ක් දක්වා අවසාධිත වූ ප්‍රක්ෂිප්ත වලින් බවයි.
ඔවුන් මේ පර්යේෂණ අනුව පවසන්නේ ඩොල්ෆින්ගේ මූලාරම්භය පැසිපික් සාගරයේ සිදුවන්නට ඇති බවයි.
2025 දෙසැම්බර් මස 04
739
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
565
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
454
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
ඩොල්ෆින්ගේ වයස හිතුවාට වඩා වැඩියි
මිලින්ද පෙරේරා Monday, 12 May 2014 02:46 PM
ඉතාමත් වැදගත් ලිපියක්. (ස)
සහන් Thursday, 15 May 2014 06:31 AM
ඉතාමත්ම වැදගත් සොයාගැනීමක්. සාමාන්‍යයෙන් මේ කාලය ශුද්ධ වූ ආගමික ග්‍රන්ථ වල සඳහන් පරිදි සර්වබලධාරි දෙවි කෙනෙක් ලෝකය මවන්නත් බොහෝ කලකට පෙරයි. එහෙමනම් කවුද මේ ඩොල්ෆින්ලා මැවුවේ? (නි)
ප්‍රදීප් Wednesday, 14 May 2014 08:50 PM
හොඳ ලිපියක් (නි)